A Star the Sky Never know ❤️‍🩹

18 4 0
                                        

   පෙනෙන මානයක හිටියත් කවදාවත් ලං වෙන්න බැරි,
   හීනයක් වගේ... ඔයා තවමත් විදිහටමයි.
   අවුරුදු තුනක් තිස්සේ හිත ඇතුළේ හිර කරපු වේදනාව,
   කවදාවත් එළියට නොඑන රහසක් විතරයි.
   දුරින් ඉඳන් බලන බැල්මක තිබුණේ ලොකු ආදරයක්,
   ඒත් මූණෙන් පෙන්නුවේ කිසිම දෙයක් නොදන්නා ගාණට.
   ඔයා ලඟින් යන හැම මොහොතකම හිතේ ඇතිවුණු ගැස්ම,
   හංගගෙන ඉන්න එක ලේසි වුණේ නෑ කවදාවත්.
   නම නොදන්නා මේ One-sided කතාව ඇතුළේ,
   තවමත් තනිවෙලා ඉන්නවා... ඔයා දන්නෙම නැතිව.
   සමහරවිට තව අවුරුදු ගාණක් මේ විදිහටම ගෙවෙයි,
   ඔයා මගේ වෙන්නේ නැති බව දැන දැනත්...
   ඔයාව දකින එකම ඇති, මේ හිතට සැනසීමක් වෙන්න.
   කාටවත්ම කියන්න බැරි, ඒත් හිතේ ගැඹුරටම කිඳා බැස්ස,
  මේ අහිමි වීම... කවදාවත් නිම නොවෙන Eternal ache එකක් විතරයි.

Memory ??Where stories live. Discover now