01 Gate

270 21 33
                                        

"සර්, ඔයාට ඇස් අරින්න පුලුවන්ද?..."

"ගෑනු කෙනාගේ ඔලුව එහාට කරන්න බැරි වෙයිද?"

"ට්‍රයි කරොත් නම් පුලුවන් වෙයි. හැබැයි ඇඟ උඩ තියෙන යකඩ බටය නිසා තව ඩැමේජ් වෙයිද දන්නෑ."

"නෑ නෑ, ඉන්න. ඔහොම එළියට ගන්න එපා. මං ඉක්මනින් 1990ට ගන්නම්.."

"මේ... තව කෙනෙක් පිටිපස්සේ ඉන්නවා. ළමයෙක්.. ඒ කොල්ලාට නම් සිහිය පොඩ්ඩක් තියෙනවා වගේ..."

"ඉන්න, ඇම්බියුලන්ස් එක දැන් එන ගමන්.."

ගෑනු කටහඬවල්, පිරිමි කටහඬවල්, වාහනවල සද්ද, ඒවාගේ හෝන්වල සද්ද...
මේ ඔක්කොම එකතු වෙලා එතන මහා ඝෝෂාවක් වෙලා තිබුණේ. හැබැයි කොයිතරම් සද්ද තිබුණත් සයේශ්ට නම් මේ වෙලාවේ ඒවා ඇහුණේ ඈත ලෝකෙකින් පාවෙලා එනවා වගේ.

සයේශ් ආයේ ආයෙත් ට්‍රයි කරේ ඇස් දෙක අරින්න. ඒත් කොයිතරම් ට්‍රයි කරත් ඇස් ඇරෙන්න තියා ඇහිපිල්ලම් ගහන්නවත් බෑ. උණුවෙන්, උකුවට එයාගේ මූණ පුරාම ගලාගෙන ගියපු දියරයක් නිසා ඇස් තදින්ම පියවිලා.

"මේ පිටිපස්සේ ඉන්න ළමයාට අමාරුයි වගේ. මූණම ලේ වලින් වැහිලා. ඔය ඇම්බියුලන්ස් එක දැන්ම එන්නේ නැති වෙයිද?"

සයේශ් අමාරුවෙන් හුස්ම ගන්න ට්‍රයි කරද්දි තවත් පිරිමි කෙනෙක් ඒත් එක්කම කෑ ගැහුවා. එයා ඒ කටහඬවල් එක්ක හෙමින් හෙමින් මෙතන වුණු දේ තේරුම් ගන්න උත්සාහ කරා.

දැන් වෙලාව හතර පහුවෙලා තියෙන්න ඕනේ. මොකද එයා ඉස්සෙල්ලා කාර් එකේදි වෙලාව බලද්දි හතරයි දහයයි. එයායි, එයාගේ අම්මායි, තාත්තායි ගෙදර යන ගමන් හිටියේ. ගෙදරට තව තිබුණේ පොඩි දුරයි. ඒත් මහ පාරෙන් කොට්ටාව පැත්තට යන අතුරු පාරට හැරෙනවාත් එක්කම එකපාරටම ලොකු බ්ලාස්ට් එකක් වුණා. සයේශ්ට ඇහුණේ සද්දේ විතරයි. ඊටපස්සෙ එයා උඩු යටිකුරු වෙනකල්ම කාර් එක මීටර් තිහ හතළිහක් වගේ ඇදිලා ගියා වගෙත් එයාට මතකයි. වීඩියෝ ගේම් එක ප්ලේ කර කර හිටපු ෆෝන් එක සුණුවිසුණු වෙලා ගියපු විදිහත් ලාවට වගේ මතකයි. ඊටපස්සේ......

ඊටපස්සෙ මොකද වුණේ?

සයේශ් ආයෙත් වතාවක් ඔලුව හරවන්න හදද්දි ඔලුවට යකඩ පොල්ලකින් ගැහුවා වගේ දරුණු වේදනාවක් හිස් කබල ඇතුළින් මොළේ පසාරු කරගෙන ගියා. ඒත් එක්කම හාට් එක පැත්තෙන් පිහියකින් ඇන්නා වගේ රිදිල්ලක්.

MIRROR GATE Where stories live. Discover now