ජීවිතේ හැමදේම වෙන්නේ අපි හිතන විදිහටද....
නෑ නේද....
ඔයාගේ ජීවිතෙත් ඇති, නොවේවි කියලා තදින්ම විශ්වාස කරපු සිදුවීම් ඇස් පනාපිට යථාර්තයක් උනු අවස්ථා වගේම , සිදු වේවි කියලා විශ්වාස කරපු සිදුවීම් ඇස්පනාපිට ගිලිහී ගියපු අවස්ථාත්.....
ඉතින් මේ මගේ කතාව,
බලාපොරොත්තු විනාස වෙද්දිත් හුස්ම ගන්න හේතු හොයපු අරුම පුදුම මගේ ම ජීවිත කතාව......
මම නමින් මලීශා අරුන්දි.... මම කියලා කියන්නේ ජීවිතේ සතුට දුක කියන දෙකම මැදි කරගෙන හරිම සාමාන්‍ය ජීවිතයක් ගත කරපු අහිංසක චරිතයක්....මම කියන්නේ නෑ මම හරිම අහිංසකයි කියලා මොකද අවස්තාවට අනුව මට උනත් තරහා යන අවස්ථා නොසෑහෙන්න තිබුනා සහ තියෙනවා....
මගේ ජීවිතේ ගැන කතා කලොත් අපි මධ්‍යම පාන්තික පව්ලක්...මම කියලා කියන්නේ පව්ලේ එකම දරුවා.....ඒ නිසාම හැම සැප සම්පතකම් අඩුවක් පාඩුවක් නැතුව මට ලැබුනා කියලා කිව්වොත් මම වැරදි නෑ....
අම්මගේ තාත්තාගේ ආදරේ එක්ක මම මගේ ජීවිතේ හරි සතුටින් ගත කලේ...A/l ලියලා ඉවර උනු මුලදී මට තිබුනු ලොකුම ප්‍රශ්නය තමයි මම මොකද කරන්නේ කියන එක....
මට ලොකු ආසාවක් තිබුනා මගේ ම ව්‍යාපාරයක් ආරම්භ කරන්න...ඉතින් මම ඒ වෙනුවෙන් පුංචිම පුංචි ආරම්භයක් ගන්න මේක අවස්ථාව කර ගත්තා....
මගේ හොදම යාලුවා උනේ පිරිමි ලමයෙක්...ඒක වෙනස් දෙයක් තමයි..ඒත් අපි දෙන්නට අනුව නම් එයා මගේ අය්යා මම එයාගේ නංගි...අපි දෙන්නා හම්බුනේ A/l class එකකදි...ඇත්තටම එයා ගොඩක් හොද යාලුවෙක්..හරියටම කිව්වොත් දුකේදි වගේම සැපේදිත් ලගින්ම ඉන්න ආදරනීය යාලුවෙක්....
මගේ කැමැත්ත තිබුනේ ව්‍යාපාරයක් පටන් ගන්න කියන එක මට වඩා හොදට දැනගෙන හිටියේ එයා....ඉතින් එයා කිව්වා අපි එකතු වෙලා මේ වැඩේ පටන් ගමු කියලා...මට දැනුනේ වචන කරන්න අමාරු සතුටක්....තමන්ට හය්යට තමන්ගෙම කෙනෙක් ඉන්නවා කියන එක වෙනස්ම හැගීමක්....
ඔය අතරතුරේ තමයි මට ගෙදරින් proposal එකක් අරගෙන ආවේ....අම්මලා කිව්වේ කැමතිද නැද්ද කියලා කියන්න විතරක් වෙද්දි මම පුදුම උනේ ඒ කෙනාව දැකලා..ඒ කෙනා මගේ මස්සිනා වෙච්ච එක මට ලොකු පුදුමයක් උනා....
YOU ARE READING
THE LIFE 🤍💐
Fantasyජීවිතය හිතන තරම් සුන්දර නෑ....හැබැයි , දරා ගැනීම් එක්ක ජීවිතය ගෙවන්න හුරු වෙන්න පුලුවන්.....🤍🍃 මලී 💝
