පසුවට ලිවීමක් !

3.2K 76 3
                                        

ළමයි, කතාව ලියන්න කළින් මං පොඩි ඉඩක් ගන්නවා දේවල් ටිකක් ලියන්න. මගෙ කතාව කියවන අය මේක කියවන්න වෙලාවක් වෙන් කරයි කියලා මං හදවතින්ම විශ්වාස කරනව !!

පහුගිය දවස් වල (2025 ජනවාරි , පෙබරවාරි ) ප්‍රශ්ණයක් උනානෙ වට්පෑඩ් එකේ සහ එෆ් බී එකේ. මං කියන්නෙ සෝශල් මීඩියා යූස් කරන කෙනෙක් නෙමේ. එෆ් බී යන්නෙත් හත් දොහකට සැරයක්. ඉතින් මට ඒ ගැන වට්පෑඩ් එකෙන්ම දැනුවත් කරේ මගෙ කතාව කියවන ආදරණීය පාඨකයෙක් වෙන @_Sawbubbieezz. ( තෑන්ක්ස් සුද්දෝ )

ඉතින්, මං ඒ දවස් ටිකේ කතාවෙ ටැග් ලයින්ස් සේරම වගේ අයින් කරා කතාව හොයාගන්න පුලුවන්. ඒත් මං උන ප්‍රශ්ණෙ මොකද්ද කියල හරියට හොයන්න ගියේ නැතත් ඊයෙ අහම්බෙන් පෝස්ට් එකක් දැකලා මං ඒ ගැන හෙව්වා සහ මට ගොඩක් දේවල් තේරුණා.

හෝ හෝ !! බය වෙන්නෙපා කතා අයින් කරනව කියන්න නෙමේ මේ යන්නෙ..

මට මේ කතාව හදිසියේවත් හේට් උනොත් එහෙම නොවෙන්න මේ දේ ඔයාලගෙ ඔලුවට දෙන්න හිතුණා.

මේ ලෝකෙ තියෙන බැදීම්, හැගීම් හරිම සංකීර්ණයි. මිනිස් හිත කියන්නෙ හරිම සංකීර්ණ දෙයක්.. ඊගාව තප්පරෙ එකෙක් මොනා කරයිද කියයිද කියන්න අනිකා දන්නෙ නෑ. ඉතින් මගේ කතා දෙකම තුළීන්ම මිනිස් සිතේ සංකීර්ණ බව තවත් ඔප්පු වෙන එක විතරයි වෙන්නෙ... කොල්ලො දෙන්නෙක් අතර වෙන හැගීම් හුවමාරුව සාමාන්‍යයයි ! කොල්ලො තුන් දෙනෙක් අතර වෙන හැගීම් හුවමාරුවත් සාමාන්‍යයි !! මොකද මේක මිනිස් සිත නිසා.. ඒක සාමාන්‍ය හැගීමක් වෙන්නෙ අපේ හිත ඇතුළේ ආදරයක් ඇති වුණොත් ඒ ආදරේ වෙනුවෙන් අපි කැපකිරීම් කරන්න කැමති ප්‍රමාණේ මත.

එක්කෙනෙක්ට දැනෙන හැගීම් නෙවෙ තව කෙනෙක්ට දැනෙන්නෙ.. ඒත් මේ ලෝකෙ ජීවත්වෙන හැම මනුස්සයාටම හැගීම් තමන්ට දැනෙන විදියට ක්‍රියා කරන්න නීතිගත නොවුණු නීතියක් අයිතියක් තියෙනව. ඒක තමා මනුස්සකමේ නීතිය !!!

මගේ කතාවල ලිංගික අන්තර්ගතයන් තියෙනව තමයි. ඒත් මං කවදාවත් වැරදි ආදර්ශයක් දෙන විදියට ඒ සිදුවීම් ලියල නෑ. එක්ස්ට්‍ර්‍රිම්ලි සෙක්#ස් සීන්ස් මං ලියලත් නෑ අමු තිත්ත වචන වලින්. හැබැයි මං ඒ තුළින් රසවින්දනයක් දෙන්න උත්සහ කරා.. ඇරත් මම වෝර්නින් එක්ක ඒ චැප්ටර්ස් අප්ලෝඩ් කරේ.. ඒත් සමහර තැන් වල මගෙ වචන අව්ල් උන තැනුත් තිබුණා. මං ඊයෙ රෑ නිදිමරාගෙන මං වෙනුවෙන්, ඔයාලා වෙනුවෙන් වගේම මේ කතාවල අපි රියල් තීම් එකට ගන්න ලංකාවෙ LGBTQ+ 'මිනිස්සු' වෙනුවෙන් ඒවා එඩිට් කරලා ගැලපෙන විදියට ඒත් ලස්සනට රසවින්දනාත්මකව හැදුවා. මං කොහොමත් ඒවා දාන්නෙ ආදරය, රැකවරණය, ගෞරවය පිරුණ අවස්තා එක්ක නිසා මට එඩිට් කරන්න උනේ වචන කිහිපයක් විතරයි. මට ඒකට සතුටුයි !

MOON WATER - Season 01Stories to obsess over. Discover now