"මට කොහොමත් ඔය දියානාගෙ තාත්තාව අල්ලන්නෙ නෑ..තුහීගෙ අම්මටත් පිස්සු බන් මට කේන්තී නැන්දත් එක්ක ඔය දියානාගෙ තාත්තාකාරයාව උඩින් තියාගන අදහනවට..!"
දිශත්‍ර සති දෙකකට කලින් වුණ දේවල් සම්පූර්ණයෙන්ම සතිනු එක්ක කිව්වේ නෑ..ඒ වුණ දේවල් වලින් විශාල ප්‍රමාණයක් සඟවගත්තා කිව්වොත් හරි..විශේෂයෙන්.. දිශත්‍ර එක්ක පෞද්ගලිකව තුහිනුගෙ අම්මා කතා කරපු දේවල් එහෙම..
ඉතින් දිශත්‍ර කිව්ව පොඩි දේවල් ටිකට වුණත් සතිනූට කේන්ති ගියෙ ඌ දත්මිටි කමින් කාමරේ එහාට මෙහාට යද්දී...ඌ ඒ අතර අර කිව්ව දේට වචනයක් නොදුන් දිශත්‍ර කකුල් පළල් කරගන ඉස්සරහට නැවිලා අත් දෙකේ අත්ල එකට පිරිමැද පිරිමැද හිටියෙ ගැඹුරු කල්පනාවක ගිලෙන අතරේ
"ඔය මිනිහා පොලිසියෙ කියලා උඹ දන්නව ද...ඌ හිතන් ඉන්නෙ ගමෙත් පොලිස් ඌ කියලා..කැරියාගෙ ඔළුව කුඩු වෙන්න ගහන්න හිතයි මට..!"
"ඌ අපි ගැන දන්නවා....!"
"ඒ කිව්වේ?"
දිශත්‍ර අත්ල පිරිමැද පිරිමැද ඇස් යටින් සතිනු දිහා බලමින් කිව්ව දේට සතිනු කලබලෙන් වගේ දිශත්‍රගෙන් ඒ ඇහුවේ..මොකද දිශත්‍ර දියානාගෙ තාත්තත් එක්ක වුණ රණ්ඩුව ගැන සතිනුට කිව්වේ නෑනෙ...සතිනු ඔය තරහෙන් ඉන්නෙ දිශත්‍ර එදා තුහිනුගෙ ගෙදර යන වෙලාවේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න වගේ දියානාගෙ තාත්තා තුහිනුගෙ ගෙදරට ඇවිත් හිටි එක ගැන..මොකද දිශත්‍ර ඒ ගැන විතරයි සතිනුට කිව්වේ..
"About me & Pranaw..!"
"උඹ කියන්නෙ උඹලගෙ එෆෙයා එක ගැන ඌ දන්නවා කියලද.?"
"ම්..!"
"කොහොමද එහෙම කියන්නෙ?!"
සතිනුගෙ කලබලකාරි ඇස් දිහා බැලූ දිශත්‍ර ඇස් බැමි හකුළලා අහක බලාගත්තා..දිශත්‍රගෙ තද ගති ගැන කොහොමත් සතිනු දන්නවා..අඩු කතාව ඇර විස්තර කිරීම් කොමත් දිශත්‍ර ළඟ නෑ..
"එහෙනම් තුහිනු මෙහෙන් ගිය එක හොඳයි..!"
තැති ගැහුණ කටහඬෙන් ඌ ඒක කිව්ව විදියට කොල්ලා ඇස් හීනි කරන් සතිනු දිහා බැලුවත් ඌ හිටියෙ කල්පනාවක..
YOU ARE READING
හරිද්‍රාශ්‍යාම (Ongoing)
Non-Fictionඒක එහෙම කතාවක් නෙවෙයි.ඒක එහෙමත් නොවන එහෙම කතාවක්.... [දූරුදහන් සුගන්ධියක ප්‍රේමණීය සත්සර රාවය.....💛💙🎶]
