Part 57

358 50 10
                                        

Two months later...

"වස්තූ... කෝ නැගිටින්න"

"සුදූ... දැන් නමයත් පහුයි... නැගිටින්න.. කාලා බෙහෙත් බොන්න ඕන"

මං හිටියෙ තද නින්දෙ... ඒ අස්සෙ ආදි මොනාදෝ කියවනෝ ඇහෙනෝ.. ඒත් මට ඒවාට කන් දෙන්න උවමනාවක් නෑ.. මට ඒ තරමට නිදි මතයි

"වස්තූ"

එක පාරට ආදි කන ගාව ඉදන් කොදුරනකොට මගෙ ඇගේ හිරි ගඩු පිපුනා.. ඒත් එක්කම මං නින්දෙන්ම කෙදිරි ගෑවා

"ම්ම්හ්හ්"

"නැගිටින්න.. නැගිටින්න"

"ම්ම්ම්"

"කෝ ඉතින්"

ආදි මට නැගිටින්න කියලා කතා කරන කරන පාරට මං නිදි මතේම කෙදිරි ගගා හිමින් ඇස් අරින්න උත්සාහ කරා.. අපෝ ඇරගන්න බෑ අප්පා... ඒ තරමට මතේ..

"ම්හ්හ්"

මං ලාවට ඇස් ඇරලා එයා දිහා බැලුවාම එයා හිනා වෙලා මගෙ තොල් වලට පුංචි හාදුවක් තිබ්බා

"දැන් ඇති දොයියගත්තා..."

"ම්ම්ම්ම්"

එහෙම කියපු ආදි මගෙ මූණ පුරා චූටි චූටි හාදු තියන්න ගත්තා..

"මගෙ වස්තුව"

මගෙ මුළු මූණම ඉඹලා මගෙ වස්තුව කියලා මුමුණපු එයා ආයෙම මගෙ තොල් වලින් කෙටි හාදුවක් තිබ්බා..

මාස දෙකක්... දැනට මට නැගිටගන්න බැරුව ඇදට වෙලා මාස දෙකක් වෙනවා.. ඒ මාස දෙකටම මගෙ හැම දෙයක්ම කරේ මගෙ ආදි.. ශෙහාන් අයියලා සහේශ් අයියලාත් ඇවිල්ලා මාව බලා ගත්තා.. ඒත් මගෙ ආදි මාව පොඩි දරුවෙක්ව බලාගන්න වගේ බලා ගත්තා..

"ආදිහ්"

"ම්ම්.. ඇයි පන"

එයා ඇද රෙදි අස් කරනවා.. ඒ අතරෙ මං එයාට කතා කරාම එයා මගෙ දිහා බලන්නෙ නැතුව කරන වැඩේ කර කරම ඇයි ඇහුවා..

"මාව බදාගන්නකො"

මං ඒක කිව්වත් හරි... රෙද්ද කැලේ... රෙද්ද උඩින් ගියා... එයා නව නව හිටපු රෙද්ද විසි කරලා මගෙ ළගට දුවන් ඇවිත් මාව බදා ගත්තා..

"ම්ම්හ්හ්.. ආදිහ්... හුම්ම ගන්න බෑ..."

එයා මාව එයාගෙ ඇගට පුළුවන් තරම් තද කරගෙන බදාගෙන හිටියා.

You've reached the end of published parts.

⏰ Last updated: Mar 18 ⏰

Add this story to your Library to get notified about new parts!

බිඳුණු හදවතWhere stories live. Discover now