වෙලාව පාන්දර හතරයි. උදෙන්ම වැඩ ටික කෙරුවම මට ඉස්කෝලේ යන්න වෙලාව ඇති. නැත්තම් මට අදත් ගෙදර ට වෙලා තමා ඉන්න වෙන්නෙ. ඉක්මනින් මූණ සෝදගෙන මං මුලින්ම වතුර එකක් ලිපේ තිබ්බා. ඒක පැහෙනකම් හාල් ටිකක් සෝදල මුට්ටියට දාල වතුර දාල ලිප ලගින් තියල පරිප්පු ටික සෝදන්න ගත්තා...... වතුර පැහෙනකම් කපන කරන වැඩ ටික කරපු මම එක ලිපක බත් එක තියල අනිකෙ පරිප්පුව තිබ්බෙ ඉක්මනින් මේ වැඩ ඉවර කරගන්න ඕනි නිසයි. විඩින් විඩෙ ඒවත් බල බල ගේ අතුගාලා මල් කැඩුවෙ මගෙ දවසෙ වැඩ පිලිවෙලට මං හැඩගැහිල කියන්න තවත් මට තේරෙනකොට. බතයි පරිප්පුවයි හදල ඉවර වෙලා උනුවතුර බෝතලෙන් තෙ එක්කුත් හදාගන නැන්දා නැගිටින්න කලින් බත් එක්කුත් ඔතාගත්තෙ බුද්ද පූජාව බෙදල පහන තිබ්බටත් පස්සෙ. නැත්තම් මටම තමා කරදරේ. ඉක්මනින් තව තිබුන වැඩපල ටික ඉවර කරපු මං ලෑස්ති වෙන්න කාමරේට ගියා. මට ඇහෙනවා නැන්දා ඇහැරිලා කුස්සියට ඇවිත්. එයා තේ හදනව ඇති මාමට.
"මං ඉස්කෝලේ යනව අම්මා."
අම්මගෙ ෆොටො එකට පාත් වෙලා මං කිව්ව නෙවෙ මිමිනුවා.
ඉක්මනින් පොත් බෑග් එකත් කරට ගත්තු මං බුදු හාමුදුරුවන්ට වැදල ගෙයින් එලියට ආවෙ පුදුම සතුටකින්. ඇත්තටම මං ආසම වැඩෙ තමා ගෙදරින් එලියට යන එක. නංගි තාම නිදි. මං මෙච්චර උදෙන්ම යන්නෙ ඇත්තටම නිකම්.
" උබ කෑම එකක් ගත්තද "
ගේට්ටුවෙනුත් එලියට ඇවිත් නැන්දා කැ ගහන්න ගත්තා.
"ඔව් "
හැමදාම උදේට ඔක්කොම වැඩ කරල තමයි මං ඉස්කෝලේ යන්නෙ. නැත්තම් මට ඉස්කෝලේ යන්න දෙන්නෙපා කියල මාමා කියවනව උදෙම්ම.
මං ඉස්කෝලෙ තේක්ක කෑල්ලට වෙලා චුට්ටක් ඉදගෙන හිටියෙ ඉස්කොලෙ අනික් අය එනකම්. හැමදාම ඉස්සරෝම ඉස්කෝලේ එන කෙනා මම.
ටිකින් ටික ලමයි ගුරුවරුන්ගෙන් ඉස්කෝලේ පිරෙනකොට මං හෙමින් හෙමින් පංතියට ආවා.
" උබ අදත් තේක්ක මල් ගනින්න ගියාද නෙලුම්"
"ම්ම්ම්හ් "
" අනෙ යකො. ආවනම් පංතියවත් අතුගාපන්කො. අපිට හරීයට වැඩනෙ උදේට. ඉතින් පරක්කු වෙනවා"
