"ලතා මඩුළු අත වනාවී........
එපා අහක බලන්න ............"
"මනුස්සයෝ මේ පාර........"
"ඉතින්........?
හදිසියේ හරි රුහීනා......
කෙල්ලට පේරෙදි ලතා මඩුළු අත වැනුවෙ නැත්නම්......."
"නැත්තන් ඉතින් හොදයිනෙහ් යකෝ, කොල්ලට බූට් එකක් සෙට් වෙන්නෙ නෑනෙ"
"එතකොට කෝ ඒ ස්ත්‍රියගේ නිරවද්‍යතාවයට සාක්ෂි රුහීනා.......
ලතා මඩුළු වැරදිලා හරි අත වැනුනාවනම් කොල්ලට සොරි ඩොට් කොම් නෙහ්"
"අනේ මේ ෂඩ් භාෂා පරමේශ්වර පාරෙ යමන්කො එක විදියක ,මේක කැම්පස් එක ඇතුළෙ නෙවේනෙ ඕයි .උබ මෙතන වේදිකා නාට්‍ය රගදක්වනෝ වගේ හයියෙන් හයියෙන් කතා කරනකොට මිනිස්සු හැරි හැරි බලනෝ"
"මට මොකද, දැන් කොයි දිශාවෙන්ද අදිසි නේත්‍රයන් යොමුවන්නෙ රුහීනා"
මම ආයෙම නාට්‍යානුසාරයෙන් ඇහුවෙ රුහීව අවුස්සගන්න හිතාගෙන.ඇවිස්සෙනව ඇවිස්සිල්ලක් ආයෙ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ඉතින්.
"අනේ රෙද්ද,අන්න තොගේ මිතුරු තොමෝ එනව ,ඌ එක්කම වර.මන් යනවා යන්න"රුහීනා මටත් ගස්සගෙන යන්න යනවා.අපිට පිටිපස්සෙන් කේශාන්, මේදාත් දෙන්න ආවෙ.රුහීනා මාව දාල ගිය හින්ද මන් අරුන් දෙන්න එනකන් නැවතුනා.
"රුශාක්‍ය මොකද බන් අර රුහීනා උබව දාල දිව්වෙ"
මේදාත් මගෙන් අහනවා.
"ක්‍රශ් එකව මතක් වුණාලු........"
මන් ආයෙත් හඩ පොඩ්ඩක් උස් කරල
"මාගේ මිතුරනි උබ රුශාක්‍ය සෞම්‍ය පලිහවඩනයන් අතරමං කර පලා යන්නට තනන්නේ....
හම්මට"
දඩෝරියන් ගාල මන් පතිත වුණේ නැතැයි බිම.ඒ අස්සෙන් සිමෙන්ති කොට්ට දෙකක විතර බරක් මගේ ඇග උඩ ඉදන් බෙරිහන් දෙනවද කොහෙද.........?
"මුන් නසරානි, පාරෙ යන්න දන්නෙ නෑ.අම්මෝ මගේ කොන්ද"
අර බේසික පුත්තු දෙන්න මොනා කරනවද, මාව නැගිට්ටවන්නෙත් නෑ මෙතන මගේ ඇග උඩ ඉදන් කෑ ගහන බැරල් එක අයින් කරන්නෙත් නෑ.
"ප්ස් මේ ආන්ටි, මගේ ඇග උඩින් අයින් වෙලා බනිනවද ? කොන්ද නෑ වගේ අනේ......
මේදාත් කේශාන් නැගිට්ටවන්නකො මේ ඇන්ටිව."
