( අදින් වසර 10කට පසු)
අද ඔක්තෝබර් 16, 2035
කෙමෙන් කෙමෙන් ගලාගෙන ආව ජීවිතේ..තවත් එක් කඩයිමකට මම දැනටමත් ලගාවී අවසන්..මගේ විවාහය..ඉතිරිව තිබුනෙ අදින් සතියක් වැනි කෙටි කාලයක් පමණයි..
"දූ, මේ ඇදුම් ටිකත් මන් පැක් කලා ඔන්න..පොඩ්ඩක් බලන්න ඔයාට ඕනි හැමදේම තියනවද කියල..ඔය පරන ඇදුම්නම් මන් අයින් කලා..අලුත් ගේකට ඔය දේවල් අරන් යන්න හොද නෑනෙ දරුවො"
අම්ම කිව්වෙ මම විවාහයෙන් පසුව යන්න ඉන්න අලුත්ම නිවසට රැගෙන යන මගේ බඩුබාහරාදිය සූදානම් කරමින්..ඒ හඩ තුල ආඩම්බරයක් වගේම, මම මෙම නිවස හැරගිය විට ඇයගේ ජීවිතයේ විශාල කොටසක් ඇයට අහිමිවනවා කියන හැගීම ගැබ්ව ඇති බව මට වැටහුනා..
ඇදුම් ටික පිලිවෙලකට සැකසුව අම්ම..රැගෙන ආවෙ හුගක් පැරණි නමුත් මදක් විශාල පෙට්ටියක්
"ඔයාගෙ මේ පොඩි දවස්වල බඩුවගයක් මේකෙ ඇති....බලල ගන්නකො ඒ කාලෙ දේවල් මතක් වෙන්නත් මොනා හරි තියෙන්නෙපැ, මේකෙ දූවිලි ඇති පරිස්සමට..කාලෙකින් එලියට ගත්තෙ නෑනෙ.."
ආදරණීය කටහඩකින් එහෙම කියපු අම්ම..ආයෙමත් රෙදි අල්මාරිය අසලට ගියේ මට අලුත් නිවසට රැගෙන යන්න අවශ්‍ය දේවල් සූදානම් කරන්න..
ඇය වෙත මද සිනහවක් පා පැරණි පෙට්ටිය ඇද මතින් තබාගත් මම,මද වෙලාවක් එහි තිබූ දේවල් පරීක්ශා කර,කුඩා කල බාවිතා කර බාන්ඩ කීපයක් අතරින් මතකයන් ලෙස රැගෙන යාමට කීපයක් අතට ගනිද්දීම චිත්‍ර පොතක් හා කුඩා බදුනක් අතරින් මගේ ඔඩොක්කුව මතට වැටුනෙ.. පුංචි ජුවලරි බොක්ස් එකක්..එය තුල තිබුනෙ පැරනි මදක් මලකඩ බැදුන ලොකට් නෙක්ලස් එකක්..ඉතා පැරණී නමුත් තවමත් එහි ආදරණීය බවක් ගැබ්ව තිබුනා..එය දුටුවිට මගේ හිතට දැනුන හැගීම කිසිදු වචනයකින් පැහැදිලි කරන්න බැරි ගැඹුරු හැගීමක්..
"ඕකනම් හුගක් පරනයි වගෙ පුතේ..ඔයා ඕක අරන් යනවද?"අම්ම ඇහුවෙ මාලය තමන් අතට ගන්න ගමන්..
"ඔය සෙල්ලම්බඩුවක් දෙකක් අරන් ගියාට මේ වගෙ පරන වෙලා තැලිල ගිය දේවල් අලුත් ගෙවල්වලට අරන් යන්නෑ දරුවො..මන් මේක අයින් කරල දාන්නම්.."
