වෙලාව හවස පහයි කාලයි. ඉතින් යීබෝ ලැප්ටොප් එක වහලා දාලා නැගිට්ටා. ඇඟේ හිරි ඇරලා එහෙම කෙලින්ම ස්ටාෆ් රෙස්ටිං ඒරියා ගිහින් වතුර වීදුරුවක් බීගෙන බීගෙන ගියා.
දැන් එයාගෙ රාජකාරී වැඩ ඉවරයි. කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ එයාගෙ දිනචර්යාවෙ තියෙන එයා වඩාත්ම ආස කරන වැඩේ.
ඒ තමයි ගෙදර ගිහින් ඒ ලඟම තියෙන පුංචි කැලෑ රොදේ ඇවිදින්න යන එක!
යීබෝ කොහොමත් ආස දුවන්න, කඳු නගින්න වගේ වේගවත් ක්‍රීඩාමය දේවල්වලට. ඒත් එයාට රස්සාව විදියට කරන්න සිද්ද වුනේ නම් දවසෙ පැය අටක් විතරම එක තැනකට වෙලා වාඩි වෙලා ඉන්න එක. හැබැයි ඒ ගැන දුක් වෙන්න පසුතැවෙන්න කියලා දෙයක් තිබුනෙත් නෑ. මොකද පරණ නීත්‍යානුකූල ලියවිලි සුරක්ශිත කරලා ඒවා ඩිජිටල් මාධ්‍යයට හරවන එකත් එයා ආසම විදිහෙ වැඩක්.
ඇත්තම කිව්වොත් යීබෝ ඉගෙනගත්තෙ නීතීඥයෙක් වෙන්න. ඒත් අතීතෙදි සිද්ද වෙච්ච යම් සිදුවීමකට පස්සෙ එයා උසාවියෙ වැඩ කරන එක නැවැත්තුවා. මොකද එතනින් පස්සෙ එයාට ඕන වුනේ නෑ මිනිස්සු එක්ක ඒ තරම් ගණුදෙනු තියාගන්න.
කොහොමහරි වාසනාවකට වගේ තවත් මාස කීපයක් ගතවෙද්දිම එයාට එයා හිතපු විදියෙම අලුත් රස්සාවක් හම්බුනා. ඒ ඔය උඩින් කිව්වා වගේ වැදගත් නීතිමය ලියවිලි හොයලා ඒවා සංරක්ෂණය කරන්න.
ඒකෙන් එයාට කලින් හිටපු නගරෙ, එයාගෙ යාළු හිතමිත්‍රයො එහෙම ඔක්කොමලා අතෑරලා දාලා මේ නගරෙට එන්න සිද්ද වුනා නම් තමයි. ඒත් ඒක ඇත්තටම නම් සැනසීමක්. හැමදාමත් සැරින් සැරේට අනිත් මිනිස්සු අහන ප්‍රශ්නවලට උත්තර දිදී, තමන්ගෙ අඩුපාඩුකම් ආයෙ ආයෙමත් මතක් කරගන්න එයාට ඕනෙ නෑ.
හැබැයි ඒ කතාවලින් දැන් කොහොමත් වැඩක් නෑනෙ. මේ වෙද්දි එයා එයාගෙ ජීවිතේ ආයෙමත් අලුතින්ම හදාගෙන ඉවරයි.
අනික දැන් මේ පටන්ගන්නෙත් එයාගෙ දවසෙ ප්‍රියතම වෙලාව!
ඉතින් අපි කතා කරන්න ඕනෙ අන්න ඒ ගැන!
එයා වැඩ කරන පුස්තකාලෙ තාමත් ඉතුරු වෙලා ඉන්න ස්ටාෆ් එකේ අයට ආචාර කරගෙනම යීබෝ එලියට බැස්සා. ඊලඟට කෙලින්ම කා පාක් එකට දුවගෙන ගිහින්, කාරෙකේ නැගලා ගෙදර ගියා. ගෙදර ගියපු ගමන්ම එයාගෙ ජොගිං සූට් එකට මාරුවෙලා පාර දිගේ දුවන්න පටන්ගත්තා.
YOU ARE READING
තරු මල් පෙති (Petals & Starlight) - Completed
Fanfictionමලක් වී සුවඳ දෙන, පිපී අත නුදුරු බිම, කටුවලින් රිදවලා, යන්න යනවද දුරක?...
