Nilas's pov,
දැන් රෑ හතට විතර ඇති. තාමත් විකී අන්කල් ලා මඟ එනගමන් කියපු නිසා අපි තුන්දෙනාම එලියට වෙලා බලන් හිටියා.
ටික වෙලාවකට පස්සෙ කලු පාට කාර් එකක් ගේට් එකෙන් ඇතුලට දැම්මේ අපි තුන්දෙනාම ඒ පැත්ත හැරෙද්දි. ඔව් ඒ ඇවිල්ලා හිටියෙ විකී අන්කල්ලා තමයි.
"විකී, එන්න එන්න ගොඩ කාලෙකට පස්සෙ නේ දැක්කෙ... ගිය අවුරුද්දෙ ආවෙත් නෑනෙ.."
"ගිය පාර එන්න බැරි උනා බන්.... පොඩි වැඩක් වැටුනා.."
"විකී, කෝ දුව ආවෙ නැද්ද ?..."
"නෑ මචං එයාලා මේ දවස් වල සිංගප්පූරු වල ටුවර් එකක් ගිහින්.."
"ආ.. හ්ම් හ්ම් එහෙමද... අපෙ කෙල්ලත් ගියා ෆ්‍ර්‍රාන්ස් වලට.. මං හිතන්නෙ ලබන සතියෙ එනවා..."
"ශෙරීන්ව දැක්ක කල්... පුතා, දැන් ලොකු ඉලන්දාරියෙක් නේ..."
"ඒකනෙ මචං, මං ලංකාවට ඇවිත් ගියාට මේ පාර නම් මෙයාලටත් එන්න ඕන වුනා.."
"මහත්තයා !.. ඔය ඉතින් ආපු අයව එලියෙ තියාගෙන ඉන්නද කල්පනාව... ඇතුලට එන්න... ශෙරීන් එන්න ඇතුලට... පුතා එන්න ඇතුලට.."
අම්මා කිව්වෙ මෙච්චර වෙලා ඇතුලට එන්නෙ නැතුව කතාකර කර ඉන්න තාත්තටයි විකී අන්කල්ලටයි.
"යමු යමු වාඩිවෙලාම කතා කරමු එහෙනම්..."
"Excuse me Thaththa, I got a call, I'll answer it and come..."
"Ah ok son..."
"Excuse me Uncle.."
"Ok පුතා.. කෝල් එක ආන්සර් කරලා එන්න..."
තාත්තා එහෙම කියලා විකී අන්කල්වයි ශෙරීන් ආන්ටිවයි ඇතුලට එක්කන් ආවා. අයියා කෝල් එකක් කියලා එලියට ගිය නිසා.
"වාඩිවෙලා කතා කර කර ඉන්නකො... මං බොන්න මොනාහරි හදන් එන්නම්..."
"යමු සඳමාලි... මාත් එන්නම් kitchen එකට..."
අම්මයි ශෙරීන් ආන්ටියි කුස්සියට ගියාම මායි තාත්තයි විකී අන්කලුයි විතරයි සාලෙ ඉතුරු උනේ.
"ඉතින් පුතා, සෑහෙන කාලෙකින් නේද ?... දැන් මොනවද කරන්නෙ ?..."
"මං මෙඩිකල් ෆැකල්ටි එකේ අන්කල්.. දැන් සෙකන්ඩ් ඉයර්.."
YOU ARE READING
නිලැස් | Completed ✅
Non-Fiction" මොකද මං කැමති නෑ මට අයිති දේවල් වෙන එවුන් දකිනවට..."
