21 💀🏚️

308 31 2
                                        



" කොහෙ හරි යන්නද ?"

" ම්ම්ම්... මං පොඩ්ඩක් එළියට ගිහින් එන්නම් "

" තනියම "

" හ්ම්... තව දවස් දෙකක් වගේනෙ මෙහෙ ඉන්නෙ, හරියට වටපිටාවෙ ඇවිදින්නවත් හම්බුනේ නෑ."

" ඔයාට තනියම යන්න බෑනේ. ඉන්න මාත් එන්නම්. කොහොමත් මේ හරිය ගැන වැඩිය දන්නෙත් නැතුව ඔයාට තනියම යන්න දෙන්න බෑ "

" එපා!! "

"හහ්... "

" මං කිව්වෙ මේ... කමක් නෑ මේ මට තනියම යන්න පුළුවන්. කොහොමත් මට ටිකක් තනියම ඉන්න ඕනේ වගේ. ඒ නිසාමයි මං අරුන්ගෙනුත් අහන්නැතුව තනියම යන්න හිතුවේ. දේව් ගෙදර ඉන්න. මට ප්‍රශ්නයක් නෑ. මාත් කොල්ලෙක්නේ "

" එහෙම කියලා "

" මං කිව්වනේ මට තනියම යන්න පුළුවන් කියලා!!! "

දේව් වේද් දිහා බලාගෙන හිටියේ පුදුමෙන්. වේද්ගෙ ආවේගකාරී කටහඬ රුම් එකේ දෝන්කාර දුන්නා. ප්‍රශ්නාර්ථ බැල්මක් වේද් දිහාට දාපු දේව් අඩියෙන් අඩිය වේද්ට ලංවුනේ, දේව් තමන්ගෙ ළඟට ලං වෙන්න වෙන්න වේද්ගේ කකුලුත් පිටිපස්සට ගමන් කරා.අන්තිමට වේද් නැවතුනේ බිත්තියටයි දේව්ටයි මැදිවෙලා.

" මං කිවිවනේ මම එන්නම් කියලා. හිතුවක්කාර නොවී කියන දේ අහන්න පුරුදු වෙනවා. මම දැන් නිකන්ම නිකන් දේව් නෙවෙයි , තමුසෙගෙ soon to be husband.Its my responsibility to protect you. So don't argue with me. "

වේද්ට කියපු දේව් තවත් තප්පර කිහිපයක් ඒ ඇස් දිහා බලන් ඉදලා බාත්රූම් එකට ගියේ ලෑස්තිවෙන්න.

" ආහ්....මේක වෙන්න දෙන්න බෑ. උඹට මා එක්ක එන්න බෑ. උඹ එනවා කියන්නෙම මගේ සැලසුම් සාර්ථක වෙන්නෙ නෑ කියන එක.ආයිශ්...."

වේද්, නෑ වේද්ගෙ ඇඟ ඇතුලේ පැලපදියම් වෙලා ඉන්න යක්ශ ආත්මේ මේ වෙද්දි හිටියේ සීමාව ඉක්මවපු කේන්තියකින්. හොඳින් හරි නරකින් හරි එයාට සිද්දවෙනවා දේව්ව නවත්තන්න. හැබැයි දේව්ට පුංචි හරි හීරිමක් කරන්න යක්ශ ආත්මෙට කොහෙත්ම ඕනෙකමක් තිබුනේ නෑ. මොකද දේව් කියන්නෙ එයා පණ වගේ ආදරේ කරන එයාගෙ පලවෙනි වගේම එකම ආදරේ... ඉතින් එයා කොහොමද එයාගේ ආදරේට හානියක් කරන්න හිතන්නෙවත්.

මඩුවන්වෙල වලව්ව 💀🏚️ (Ongoing)Where stories live. Discover now