10 කොටස

77 5 8
                                        


එදා සිද්ධියෙන් පස්සෙ විහස් මාව දකින දකින තැන හිකි හිකි ගානවා.. මං ඉතින් ඒ හැම වෙලේම කල්පනා කරන්නේ ලැජ්ජ වෙනවා කියලා මෙච්චර ලැජ්ජ වෙන්න තරම් මං කරපු පව මොකක්ද කියලා.. හෂාරට එක එක ඒවා කියන නිසාද දන් නැහ්. කමක් නෑ කමක් නෑ.. හට්ටිය රත් වෙනකන් උඹ නටපන්කො විහස් කකුළුවෝ..
හැබැයි ඉතින් අයියා බබා දැන් මාව දැක්කම හිනා වෙන නිසා මං සතුටින්....

අද මං කලින්ම ඉස්කෝලේට ආවා.. වෙනදා එන්නේ හතයි විසිපහට විතර උනාට අද අපේ නැගණියට හයයි තිහේ ඉඳලා ඩාන්සින් ප්‍රැක්ටිස් නිසා එයාවත් ඉස්කෝලේට දාලා තාත්තා මාවත් හයයි හතළිස් පහ වෙද්දි ගේට් එක ගාවින් දැම්මා.. දැන් අහන්න එපා මීටර් පනහක් එහායින් තියෙන නංගිලාගේ ඉස්කෝලේ ඉඳලා අපේ ඉස්කෝලෙට කාර් එකේ එන්න විනාඩි පහළවක් යනවද කියලා. යනවා යකෝ යනව මොකද මේ වෙලාවට තමා දුර ඉඳලා එන ස්කූල් බස් ටික එන්නේ එතකොට මෙතන හෙන ට්‍රැෆික් එකක් හැදෙනවා.

කොහොම හරි මේ යන්නේ අවුරුදු කාලේ නිසා ඉස්කෝලෙට එනකොටම ඇහුනේ මීඩියා යුනිට් එකේ උන් දාලා තිබ්බ අවුරුදු සින්දුවක්... ලයනල් රන්වල මහත්තයාගේ 'මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාලේ' සින්දුව තමයි ප්ලේ උනේ.. මං හිමි හිමින් ක්ලාස් එකට යනකොට සින්දුව ඉවර වෙලා මට ඇහුනේ අපේ මහීගේ වොයිස් එක.. පොර දෙකට ගනින්න බෑ වගේ හිටියට හෙන ටැලන්ටඩ් කොල්ලෙක්.. ඌ තමයි ගොඩක් වෙලාවට උදේ අනවුන්ස් කරන්න ඉන්නේ... ඌට තියෙන්නේ හෙන ස්මූත් වොයිස් එකක්... ඒ නිසා ඌ කතා කරද්දි අහන් ඉන්න ආස හිතෙනවා.

"ඉතින් යොනාල්.. මේ පාර අවුරුද්ද මොන වගේ වෙයි කියලද ඔයා හිතන්නේ..."

"හැම අවුරුද්දකම වගේ කිරියෙන් පැණියෙන් ඉතිරෙන අවුරුද්දක් වෙයි කියලා තමයි මම නම් හිතන්නේ. මහීමට කොහොමද දැනෙන්නේ මේ පාර අවුරුද්ද ගැන..."

"ම්ම් මම නම් මේ පාර අවුරුද්ද ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ... යොනාල් දන්නවද මේ පාර අවුරුද්දට කලින් තියෙන එක දෙයක් වෙනුවෙන් නම්  මං ඇඟිලි ගැන ගැන ඉන්නේ... "

"ඒ මොකක් ගැනද මහීම??...."

"යොනාල් දන්නැද්ද මේ පාරත් අපේ ඉස්කෝලෙ ශිෂ්‍ය නායක සහෝදරවරු අවුරුදු උත්සවයක් ලෑස්ති කරලා තියෙන්නේ..."

Mistake? [ON HOLD]Where stories live. Discover now