Chapter 25

2.1K 305 133
                                        

ඔයා කව්ද?

මමම ඇදපු පිංතූරෙ දිහා බලන් මමම අහනකොට මගෙ හිත ඇතුලෙන් අමුතු අමුතු දේවල් මටම දැනෙන්න ගත්තා.. දැන් ටිකකට කලින් මං කාගෙහරි නමක් කිව්වා.. ඒත් ඒක මේ වෙද්දි මට ආයෙම මතක නෑ... එක්කො මට පිස්සු..

ඔයා කවුරු උනත් කමක් නෑ කන්නාඩියෝ... ඔයා ඉන්න ඕනෙ අයාන්ගෙ ලොකර් එකේ.. තේරුනාද?

හිනාවෙලා අර චිත්‍රෙට කියපු මම ඒක හරි පරිස්සමට නමලා ආර්ට් රූම් එකේ තිබ්බ මගෙ ලොකර් එකට මං පිංතූරෙ දැම්මා.. අපේ ශාදිව් දැන් ලග එනවත් ඇති.. එන්න කලින් මොනාහරි ස්නැක් එකක් හැදුවනම් ආව ගමන් එයාට කන්න දෙන්න තිබ්බා... ම්ම්ම් ම්ම්ම් මොනාද අපි හදන්නේ.... සුටුස් ගාලා රෝල්ස් හැදුවනම්... උනුවෙන්ම එයා කයි.. වෙනසකටත් එක්ක පහල අම්මගෙ කුස්සියෙන්ම හදනවා කියල හිතාගත්ත මං එහෙම්මම පඩිපෙල බැහැගෙන පහලට ආවා.. ඒ වෙද්දිත් අම්මා කුස්සියෙ නිසාම මං ගිහින් පැන්න ගමන් අම්මගෙ කම්මුලට හාදුවක් තියලා අම්මව බදාගත්තා....

" මාවත් එක්ක වැටෙයි කොල්ලෝ.. ම්ම් ඔය තේක බොන්න... "

" ශා.. අම්මා තේත් හදලනෙ "

" හ්ම්ම්. හැදුව නෙමේ මං ඕක උඩටත් ගෙනාවා.. ඒත් පුතා වෙන වැඩක නිසා ආයෙම පහලට ගෙනාවා "

මගෙන් මූන හංග හංග අම්ම කියද්දිනම් ඒ කියපු දේ මට එච්චර හොදක් දැනුන් නෑ... අම්ම නිකන් මං එක්ක අමනාපෙන් වගේ... ඒත් ඉතින් what did i dooooo....

" අම්මා "

නැති වැඩත් කර කර කුස්සියෙ එහෙට මෙහෙට වෙන අම්මගෙ ඉස්සරහට ඇවිත් ඒ උරහිස් දෙක අල්ලපු මං එයාව එහෙම්මම නැවැත්තුවා...

" ඇයි මේ..? අම්මා මං අයාන් එක්ක තරහයි වගේනේ.. "

" ඒ මොකටද ඒ.. එහෙම මොනවත් නෑ ලමයො. කෝ ඔය තේ එක බොන්න. අම්මට වැඩ තියනවනෙ අග්‍රගෙ වස්තුව "

" මට ඇත්ත කියන්න අම්මා.. "

" මට බයයි දරුවෝ... අම්මා මේ වෙන දේවල් දන්නෑ පුතේ... ඒත් ඇහෙන දකින සමහර දේවල් දැක්කම මට ඔයා ගැනයි බය පුතේ.. "

බලෙන් වගේ අම්මව නවත්තගත්ත මං එයාගෙ වෙනසට හේතුව අහලම වද දුන්නා..මගෙන් බේරුමක් නැති තැනද කොහෙද අවසානෙදි අම්මා මගෙ අත අල්ලන් කියද්දි අම්ම කියන්නෙ මොනාද කියලවත් තේරෙන්නෙ නැති මම අම්ම දිහා බලන් හිටියා..ඇයි අම්මා මං ගැන බය වෙන්නේ.. මට ශාදිව් ඉන්නවනේ.. එයා ඉද්දි මොනවට බය වෙන්නද...

ප්‍රේමාභවWhere stories live. Discover now