දැන් මට අවුරුදු විසි අටක්!
ගොඩ කාලෙකට පස්සෙ මොනවහරි දෙයක් ලියන්න හිතුනා
ඉතින් මන් හොදට දන්න ගෑනු ලමයෙක්ගෙ ජීවිතයක් ගැන ලියන්න හිතුනා.
ටිකක් නපුරු උනත් උත්සහ කරලා තමන්ගෙ හිත පිරිසිදු කරගත්ත නංගි කෙනෙක්.
එයාට අවුරුදු දහ අටයි!
මට වඩා අවුරුදු දහයක්ම හරියටම බාලයි
සැප පහසුකම් තිබුනත් හරිම කරදර මැද්දෙ ඒ ලමයා ඉගන ගෙන තිබුනෙ
මම දකින විදිහට දුක් විදිනවා කියන්නෙ සල්ලි නැති හින්දා මුකුත් ලග නෑ කියන එකම නෙමේ
ඉතින් එයාට කරදරයක් වෙලා තිබුනෙ එයාගෙ හිත.
එයාගෙ ප්‍රශ්න හැමදෙයක්ම එයාටම සීමා කරලා එයාට විසදගන්න වෙලා තිබුනා
අඩුම
යාලුවෙක්ටවත් කියන්නෙ නැතුව.
එහෙම වෙලා තිබ්බෙ එයාට කවදාවත් තමන් ජජ් වෙනවා කියන අනාරක්ශිත හැගීමකින් ඔලුව පිරිලා තිබුනු හින්දා
ඒවා එයා කාටවත් කිව්වෙ නෑ කියල අදටත් පැසුතැවෙන්නෙ නැහැලු මොකද එයා කියන විදිහට ඒවා මිනිස්සු එක්ක බෙදාගත්තෙ නැති එක හොදයිලු.
ලොකුම දේ එයාගෙ අදහස් වල ඉදලා කිසිම දෙයක් අනිත් මිනිස්සු එක්ක නොගැලපුනු එක.
එයාට මේ වෙනකන් එයාගෙ අදහස් ගැලපුනු කිසිම මනුස්සයෙක් ලෝකෙ හම්බෙලා නැහැ කියලයි එයා කියන්නෙ
මන් එත් කිව්වා අවුරුදු දහ අටක් කියන්නෙ ලොකු වයසක් නෙමෙයි ඔයිට වඩා දේවල් ඉස්සරහට එනවා ඒ හින්දා ශක්තිමත් වෙන්න ඕනෙ කියලා.
පුදුමෙකට එයා ඒක දැනන් හිටියා!
මම අසාදාරන විදිහට තමයි ඒ කතාව එතන කිව්වෙ.
මම එහෙම කිව්වට කොහොමද ඒ සපත්තුවට මම බහින්නෙ?
පොඩි නංගි කෙනෙක් උනත් අහිංසක ලමයෙක් උනත් එයාගෙ ජීවිතේට හම්බුනු මිනිස්සු එයාට ගොඩක් දරාගන්න බැරි පාඩම් කියලා දීල තිබුනා
එයාව ගොඩක් ගල් කරලා තිබුනා!
ඒ තැන් වල කවුරුත් ඉතුරු නොවුනු හින්දා ශාරීරිකව වගේම මානසිකව එයා අව්ල් වෙලා තිබුනා
