life is Beautiful

5 1 0
                                        

මෙහි එන සියලු පුද්ගල නාම හා නගර මනඃකල්පිත බව දන්වා සිටිමි


     එදා ඉස්කෝලෙට එක වසරෙ ළමයි බාරගන්න දවස.මමත් එදා ඉස්කෝලෙ ගිය පලවෙනි දවස. මම ගොඩක් අනිත් අයට වැඩිය වෙනස් අනිත් ඔක්කොම ළමයි ඇඬුවෙ අම්ම ඕනෙ යන්න එපා කියලා එත් මම කිව්වෙ "අම්මට පුලුවන්නම් විතරක් ඉන්න "කියලා.ඉතින් එදා මගෙ ජීවිතේ සතුටුම දවසක් මට අලුත් යාලුවො හම්බ උනා,අලුත් ටීචර් කෙනෙක් , අලුත් ඉස්කෝලයක් මම ඒක හින්දා ගොඩක් සතුටින් හිටියෙ...

  මට හිටපු හොඳම යාලුවා පිරිමි ළමයෙක් එයාගෙ නම සනූශ් . මම එයත් එක්ක හරි යාලුයි ඇත්තටම එයා ආපු නැති දවසට නිකන් මට හිතුනෙ මම පංතියෙ තනි වෙලා කියලා. ඉතින් ඔහොම ටික කාලයක් යනකොට අපි දෙක වසරට ගියා. එයාගෙ උපන්දිනෙ තිබ්බෙ මාර්තු 27 මට එයාගෙ Birthday party එකට ගියා . මම ගියෙ හරිම ආසාවෙන් . මම එයාට දුන්නෙ සෙල්ලම් තුවක්කුවක්...

  ඊට  මාස දෙකකට පස්සෙ මගෙ Birthday  එක තිබ්බා. එදා මාත් සනූශ් ට කිව්වා අපේ ගෙදර එන්න කියලා . ඉතින් එයා අම්මත් එක්ක එනවා කිව්වා. ඒත් එයා පරක්කු නිසා call කරහම phone  එක off කියලා වැටෙනවා කියලා අම්මා කිව්වා . ඊට පස්සෙ සනූශ් ගෙ අප්පච්චි ගෙන් call එකක් ආවා. අපේ අම්මා ඒක answer  කලාට පස්සෙ මං දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා... මම "ඇයි අම්මා"කියලා ඇහුවට පස්සෙ අම්ම කිව්වෙ එච්චර හොඳ දෙයක් නෙවේ කියලා මට නිකමට වගේ හිතුනා...

"පුතේ අහන්නකො අපිට  දැන් පොඩි ගමනක් යන්න වෙලා තියනවා" කියලා අම්මා කිව්වහම මමත් දඩි බිඩි ගාලා ලෑස්ති උනා...

මතු සම්බන්ධයි

Has llegado al final de las partes publicadas.

⏰ Última actualización: Oct 30, 2024 ⏰

¡Añade esta historia a tu biblioteca para recibir notificaciones sobre nuevas partes!

life is BeautifulHistorias para obsesionarse. Descúbrelo ahora