Ep 01

3.3K 131 30
                                        

" ඇති යන්තන්
කාලෙකට පස්සේ අපෙ ගෙදරට ඉර පැව්වා වගේ .. "

වෙනදට දවල් එකොළග විතර වෙනකන් නිදාගන්න මම අද අම්මා කතා කරන්නත් කලින්ම එලාම් එකට ඇහැරලා හිරි කඩ කඩ ඇවිදන් එද්දි තේකකුත් බිබි කුස්සියේ පුටුවක වාඩිවෙලා ඉදපු අක්කා මන් දිහා හරිම ආදරෙන් බලාගෙන හිනා වෙවි කිව්වා.

" සුදූට තේ හැදුවද අම්මේ
මම හදන්නද ? "

" අම්මා හදාවි තමුසේ ඉන්නවකො වාඩිවෙලා .. "

සත්මස් ගැබිනියක් වුන අක්කා බඩත් අල්ලගෙන අමාරුවෙන් නැගිටින්න හදද්දි මම ආදරෙන් පොඩ්ඩක් සැර කරලා ගිහින් කුස්සියෙ බැම්ම උඩින් වාඩිවෙලා රයිස් කුකර් එකෙ පියන පොඩ්ඩක් උස්සලා බැලුව.

" ඔය ඉතින් ඔහොම අරින්න එපා ළමයො
බත තැම්බෙන් නැ "

ඉස්සරත් අම්මා උයද්දි කුස්සියට ආවාම මම මෙහෙම කුකර් එකෙ පියන උස්සල බලනව. අපේ ගෙදර උදේ කැම විතරයි අම්මගෙ අතින් ඉවෙන්නේ අනිත් වැඩ වලට උදේ අට වෙද්දි සර්වන්ට්ස්ලා තුන් දෙනෙක් ගෙදරට එනව.

" දැන් කියටද සුදුව එක්කන් යන්න එනව කිව්වෙ ? "

මාමට මම කතා කලා ලොකූ.. ටිකකට කලින්
තව පැයක් වගේ යද්දි වාහනේ ඒවි කිව්වා

" මාමා නවතින්න තැනක් බලලද අම්මා ?
සුදූ ආසාවට හා කිව්වට ඔය පැති හෙන දුෂ්කරයි "

" මම ගැනු ළමයෙක් නෙවෙනේ ඔයි
ඕවා ගානක් නැ "

" තමුසේ ගෑනු ළමයෙක් නෙවේ කියලා මම දැක්කේ ඉපදුන දවසෙමයි
ඒත් තමුසෙ මටයි පොඩිටත් වඩා සැපට හැදුනේ මේ සැප නැතුව ගිහින් ඉන්න පුළුවන් වෙයිද කියලා මම මෙ කල්පනා කරන්නේ
අනික පහුගිය මාස ටිකේ තමුසෙ වුන්න විදිය දැක්කෙ අපිනේ "

" හරි හරි
තැටිය වයන්න තියාගත්තද එපාර
ඕක අහලම දැන් ඇතිවෙලා "

" මම කියන්නෙ නැ තමුසෙට
අපිට කියවන කටයි ගැම්මයි ඔනි තැනට වෙලාවටනෙ නැත්තේ
අර කරගන්න ගිය දෙයක් හරියට වුනානම් අපිනෙ දැන් විදවන්නේ"

" ආ මෙන්න තේක
දෙන්න එක බොරුවට උදේ පාන්දර පැටලෙන් නැතුව ඉන්න ළමයිනේ .. "

Between Thousand Eyes  👁️ | On Going ...Stories to obsess over. Discover now