- බෝ පතක පිනි කඳුලු 💚✨ - 19 -

483 83 19
                                    




      " අනේ අයියෙ.. බෝපත් මෙහෙන් එක්ක යන්න එපා ඕයි.. " නිරූ මගෙ උරිස්සෙන් අල්ලලා හෙලෙව්වා.. කොල්ලට ඇඩෙන්න තරං අවුල්. ගිමා නං පැත්ත බලන්නෑ. මං උට බොරු කරාලු.



මං කරපු බොරුවක් නෑ. මං ඇත්ත නොකියා හිටියා විතරයි. ඒ කළෙත් ඒ ඇත්ත අපේ යාලුකම් මැද්දට එන්න ඕන්නැති හින්දා..



    මූ සල්ලිකාරයොන්ට අමුවෙන් මං එක්ක බැන්නෙ. ඒ අප්සට් එක කොල්ලට ඇත්තෙ. මූ කිව්ව සමහර ඒවගෙ ඇත්තක් නොතිබ්බෙත් නෑ. ඒත් ගොඩක් ඒවට මං තනියෙන් හිනා උනා විතරයි. හිතේ කහටක් නෑ.



      " නිරූ. යමං කන්න. "


" අනේ අයියෙ... බෝපත් ගෙනියන්න එපා කියල කියනවකො මුට.. "



    " ඌ යන්නෙ හොද තැනකටනෙ. මේ මුඩුක්කු අස්සෙ දුක් විදින්න නෙවෙයි. උබට වැඩක් නෑ නිරුද් අනුන්ගෙ රෙද්දවල්වලට හොට දාන්න. උබෙ කන පලනවා මං.. දැන් උබට කොත්තු කන්නෝන කිව්වනෙ. යමං ඉතිං. "





       " බෝපත් හම්බවෙන්න එහෙ එනවා අයියා එක්ක. ඒ හැටි දුරක් යැ. "



     " අනේ... "

" නිරූ උබට සැරයක් දෙකක් කිව්ව මං කෙදිරිය නවත්තන්න කියලා. කෙදිරිගාන්න දෙයක් දෙන්න කලින් නවත්තගනිං ඕක. "



     " මං බෝපත් එක්ක එන්නංකො ක්‍රිකට් ගහන්න. "



" ඌ ගහන ක්‍රිකට්.. වට හතක් ඇඹරෙනවා එක බෝලෙට ගහන්න. "


" හරි ඉතින්. පන්සලට එක්ක එන්නංකො.. "



" මට බෑ පන්සල් එන්න.. "


  " නිරුද්.. උබට මම- "

" හරි හරි බං. උබල දෙන්නා පොඩි උං වාගෙනෙ. දෙන්නම එකයි.. බෝපත්ට පර්මිශන් තියෙන්නෙ තමුසෙ ආශ්‍රය කරන්න විතරයි. උට කැමති වෙලාවක කොල්ලා එක්ක රවුමක් දෙකක් ගැහුවට මගෙන් විරෝධයක් නෑ. ඕන්නැති වැඩ නැතුව. "




         "........ "


" හරිද දැං.. යමං කන්න අරන් දෙන්න. " බලෙන් වාගෙ නිරුද් ඇදගෙන ගිමා කමලක්කගෙ ගෙයින් එලියට බැස්සා. ඕකත් වැඩි දවසක් මං එක්ක තරහින් ඉන්න එකක් නෑ..


 බෝපතක පිනි කඳුලු ❦( Complete   )Where stories live. Discover now