18 🌺

258 79 35
                                    

නුතාර හරියටම හරි...
ගිශාන් ඔට්ටුව පැරදුනා..අනු ශූරතාවේ ගැමුණු නිවාසෙට හිමිවෙද්දි ශූරතාවය දිනාගත්තේ විජය නිවාසය...අවුරුදු ගානකම වර්ථාව මේ පාරත් විජය නිවාසේ අලුත් කරා..

නිවාසාන්තරක ක්‍රීඩි උලෙලේ සමාප්තිය එහෙම නිමාවෙද්දි විදුහල්පති තුමාගේ අවසරේ මත ළමයි ටිකට හොද හැටි නටන්න හොද වේග රිද්ම සිංදු ටිකකුත් වාදනේ වෙද්දි මෙච්චර වෙලා නිවාස තුනකට බෙදිලා හිටපු ළමයි ඔක්කොම එක රොත්තට ග්‍රවුන්ඩ් එකට බැහැලා හිතේ හැටියට නටන්න ගත්තා...

නිවාස වල තිබ්බ තරගකාරිත්වය පොඩි පොඩි තරහා මරහා ඒ හැමදෙයක්ම දැන් ඉවරටම ඉවරයි.. ඉතින් ළමයි විතරක් නෙවෙයි පැතුම් ඇතුලුව තවත් ගුරුවරු කිහිප දෙනෙකුත් ළමයි එක්ක එකතු වෙලා නටන්න ගද්දි ගිශාන් තේනුක සර් එක්ක පැත්තකට වෙලා බලන් හිටියා..

හවස නුතාරගේ වචනත් එක්ක ගිශාන්ගේ හිතේ තිබුන කලකිරිම නැතිවෙලා යන්න ගියා වගේම මේ වෙද්දි ගිශාන්ගේ හිතේ ඒ ප්‍රශ්න කිසිදෙයක් නෑ..
ගිශානුත් සතුටු වුනා නුතාර එක්ක එකතු වෙලා
නටනවටත් වඩා උඩ පනින පැතුම්, තිනෙත්, සත්සර වගේම අනිත් ළමයිතුත් දිහා බලන් එයත් මේ මොහොද විදින්න ගත්තා තමන්ගේ ජීවිතේ ප්‍රශ්න මොහොතකට අමතක කරලා දාලා..

"අයියෝ මොකද්ද තේනුක සර් ගිශාන් සර් මෝල් ගස් ගිලලා වගේ ඉන්නේ නැතුව එන්නකෝ පොඩ්ඩක් නටන්න"

මෙච්චර වෙලා පැත්තකට වෙලා සාමකාමීව හැමදෙයක් දිහාම බලන් හිටපු ගිශාන්ටයි තේනුකටයි තිනෙත් කියන සුනාමියට අහුවෙන්න වුනා.. නට නටා හිටපු තිනෙත් මදිපාඩුවට චතුරවත් එක්ක ඇවිත් ගිශාන්වයි තේනුකවයි බලෙන්ම ඇදන් යන්න ගියේ ළමයි මැද්දට.. ගිශාන්ව ඇදගෙන ගියපු තිනෙත් අතරමගදි ගිශාන්ව ඇතැරලා දාලා ළමයි අස්සෙන් රින්ගලා තව කොහාටදෝ පැනගද්දි ගිශාන් කැරකි කැරකි බැලුවේ තමන් එක්ක හිටිය අනිත් අහිංසකයා තේනුක සර්ට මොකද වුනේ කියලා..
ඒත් ඉතින් ගිශාන්ට වැඩි වෙලාවක් කැරකි කැරකි ඉන්න වුන්නෑ ගිශාන්ගේ අතට උණුසුම් අතක ස්පර්ශය දැනෙද්දි ගිශාන් ඉක්මනට පිටිපස්ස හැරිලා බැලුවා වෙද්දි ගිශාන්ගේ ලග හිටියේ නුතාර..

වස්සාන සිහිනේ (ZhanYi Nonfiction ) Donde viven las historias. Descúbrelo ahora