01 කොටස '

315 95 57
                                    


ජන්කුක් හිටියෙ හොස්පිටල් එකේ.. මොකද එයාගෙ වයිෆ්..ජිඔන් ලියාට බබා හම්බ වෙලා අදට දවස් දෙකක්.. ලියා තාම හිටියෙ හොස්පිටල් එකේ..මොකද බබා හම්බ වෙනකොට ලියාට ටිකක් අමාරු උනා..

ජන්කුක් අදත් උදේම කෑමත් අරගෙන එයාගෙ ආදරණීය බිරිදවයි, බබාවයි බලන්න හොස්පිටල් එකට ආවා..

" මැනික.. අමාරුද ගොඩක්...ඔයාට මොනාද ගෙනත් දෙන්න ඕනි..?"

" හොද තද ලණුවක් ගෙනත් දෙන්න ජන්කුක් ..මට බෙල්ලෙ වැල දාගන්න..!"

පුංචි තොටිල්ලෙ හිටිය බබාව බලල ජන්කුක් ඊලගට ආවෙ ලියා ගාවට.. ජන්කුක් ආදරෙන් ලියාගෙ ඔලුව අතගාල ඕන කරන දේවල් ඇහුවත්, ඒ අත ගසල දාල ලියා බෙල්ල වැල දාගන්න ලණුවක් ගෙනත් දෙන්න කිව්වම ජන්කුක් අසරණ විදියට හිනා උනා.. මොකද එයා දන්නව ලියා බබා ලැබෙන්න කියල දැනගත්ත දා ඉදන්ම මෙහෙමයි... ලියා කැමති උනේ නෑ බබෙක්ට...

" ලියා..මැනික ඇයි මේ.."

" මොකුත් කතා කරන්න එපා ජන්කුක් ! තමුසෙටයි, තමුසෙගෙ අම්මටයි ඕනි උනේ බබෙක්නෙ..ඔන්න දැන් ඒක හරි..සතුටුද..?"

ජන්කුක් ආයෙ කතා කරන්න ගියත් ලියා කෑගගහා බනින නිසා එයා කටවහගෙන පැත්තකට උනා.. ලියාට මාස 10ක් තිස්සෙත් කියල තාම බබා ගැන ආදරයක් ඇති උනේ නැත්නම් , දැනුත් ඒකට මහන්සි වෙන්නෙ බොරුවටනෙ..ඒ නිසා ජන්කුක් කටවහගෙන බබා හිටිය තොටිල්ල ගාවට ආවා..

" තාත්ති ආදරෙයි මගෙ සදහිරු......"
























After one day ,

" ලියා.. දෙයියනේ දරුවො ඔයා මොනාද මේ කරන්නෙ..!?"

මිසිස් ජිඔන් දවස් 3ක් වයස ජන්කුක්ගෙ බබාවත් පපුවට තුරුලු කරගෙන කෑගැහුවෙ ජිඔන් මැන්ශන් එකෙන් එලියට තමන්ගෙ ඇදුම් බෑග් එක ඇදගෙන යන ලියාට..ඔව්..ලියා යන්නයි හදන්නෙ..ඒකත් ඉපදිලා තාම සතියක්වත් නැති තමන්ගෙ කිරිකැටියව දාල..!

" ලියා..!!!"

මිසිස් ජිඔන්ගෙ වදන් අහන්නෙ නැතුව ගෙදරින් එලියට බැහැල යන්න හදපු ලියා ගැස්සිලා නැවතුනේ පිටිපස්සෙන් ඇහුන ජන්කුක්ගෙ දැඩි කටහඩට..

" අන්තිම පාරට මම මේ උබට කියන්නෙ ලියා.. පලයන් ගෙට!"

" මම එන්නෙ නෑ ජන්කුක් ! බෝගම් එක්ක මම යනවා..එයා මට ආදරෙයි..!"

කේන්තියෙන් පිපිරෙන ගමන් ජන්කුක් කිව්වත් ලියා ඒකට එකග උනේ නෑ..මේ වෙනකොටත් ජිඔන් මැන්ශන් එක ඉස්සර නවත්තල තියෙන බෝගම්ගෙ..එහෙමත් නැත්නම් ජන්කුක්ගෙ හිටපු සෙකට්‍රිගෙ වාහනේ දෙසට යන ගමන් ලියා කිව්වා..

" හරි එහෙනම්! පලයන්! ලියා උබට අද ඉදන් ආයෙ ජිඔන් දේපළක් තියෙන තැනකට එන්න කිසිම අයිතියක් නෑ! අද ඉදන් මම උබව මගෙ වයිෆ් තනතුරෙනුත් අයින් කරනව!"

ජන්කුක් මේ කාලෙට ගොඩක් ඉවසුවා..එයාට තවත් ඉවසන්න පුලුවන් උනේ නෑ.. ජන්කුක්ගෙ බබා ලැබෙන්න කියල දැනගත්තම ලියා බබාව විනාස කරන්න හදපු හැටි, ඒ කාලෙට පරිස්සම් නොවුන හැටි, බබා බඩේ ඉන්නකොටත් බෝගම් එක්ක මගුල් නටපු හැටි...මේ හැම දේම දැනගෙනත් ජන්කුක්ට තව දුරටත් ඉවසන්න අමාරු උනා.. බබා නිසා තමයි මෙච්චර කල්වත් ජන්කුක් ඉවසුවෙ..මොන දේ උනත් ලියා කියන්නෙ බබාගෙ මමා නිසා..ඒත් අදින් පස්සෙ ඒකත් ඕන නෑ කියල ජන්කුක් මේ වෙනකොට දැඩි තීරණේකට ඇවිල්ලයි හිටියෙ...

" මම වෙලාවක් කියන්නම්... හෙට ඒ වෙලාවට උසාවියට ඇවිත් ඩිවෝස් පේපර්ස් අත්සන් කරල...උබ යන ඕන රෙද්ද අස්සක පලයන් ලියා..! හැබැයි උබ නාවොත්............. මේ ජිඔන් ජන්කුක් ගැන උබ හොදට දැනගනී ..!!"


ඒ ටිකත් ලියා දිහා එක එල්ලෙ බලාගෙන කිව්ව ජන්කුක් ඊලගට බබාව වඩන් ඉන්න මිසිස් ජිඔන්ව මැන්ශන් එක ඇතුලට ගන්න ගමන් මේන් ඩෝ එක වහල දැම්මා..!

" ප්-පුතා...?"

" මට විශ්වාසයි අම්මා..මේක තමා හොදම තීරණේ..."

වෙච්ච දේ ගැන හිතාගන්න බැරුව අඩන මිසිස් ජිඔන්ගෙ ඔලුව අතගාපු ජන්කුක් , එයාගෙ අම්මගෙ තුරුලෙ හිටිය බබාව තමන්ගෙ තුරුලට ගත්තා..

අදින් පස්සෙ..අම්මෙක් නැතුව බබාව බලාගන්නව කියල ජන්කුක්ගෙ හිතේ දැඩි අදිෂ්ඨානයක් තිබ්බා..ඒ වගේම ආයෙ කවදාවත් කිසිම කෙනෙක්ට ආදරේ කරන්නෙ නෑ කියලත්...!!!


















~ සද ඇවිදින්.....~


හායි♡

මේකෙන් පස්සෙ එකේ ඉදන් තමා දැන් කතාව් පටන් ගන්නෙ♥️

vote කරන් යම්🫀💚
මාව follow කරන්නකො..නොකරපු අය..❤️‍🩹

You've reached the end of published parts.

⏰ Last updated: May 14 ⏰

Add this story to your Library to get notified about new parts!

SADA AVIDIN || TK FANFICTION Where stories live. Discover now