- බෝ පතක පිනි කඳුලු 💚✨ - 18 -

567 91 27
                                    


     " බෝපත්.. දැන් ඕක දාල නිදාගන්නවා... "

මූ යකෝ...

තිස්දාහක්ම දීල අරන් දීපු අයිෆෝන් එක එපා කියලා.. දැන් ඒකෙන් තොර ලොවක් නෑ මුට.


       නිරුද්ගෙ වට්සැප් ගෲප් එකකට ඇඩ් වෙලා පල්හෑලි දොඩෝනවා.. වෙලාව එකොලහයි..


      " ඉන්න ඉතින්.. "


" බෝ.. " මූ තනියෙන් හිනාවෙවී.. හහ්... චැට් එක නැගලම යනවා වගේ..

    කමන්නෑ පෘථ්වියො උගෙත් තරුණ වයසනෙ.. ඉන්න දියන්..

මාත් කොරගෙන තියෙන්නෙ.. ලෙසටම..


        " බෝ... ඕන්නැති අයට මැසේජ් කරන්නෙ එහෙම නෑ.. මතකනෙ.. "


" නෑ අනේ.. නිරූ එව්වෙ.. මේ.. "

  

      " රාගයක්.... නැති මට.. ආලයක් කුමටද.. " බල්ලෙක් ඇදුම් ඇදන් භාවනා කරන මීම් එකක්..


       " රාගයක් නෑ.. උට? "


       බෝපත් කාමරේ හෙල්ලන්න හිනාවෙන්න පටන්ගත්තෙ ආයෙත් මීම් එක කියෝල..

    " අහ්.. අහ්නේ.. අහ්යේ ඒක හෙන හුරතල් ඒයි... ! "

      මූ මේ පොඩි මීම් කෑල්ලකට මෙච්චර හිනස්සන්න පුළුවන් කියල දන්නවනම් මීම්ස් ප්‍රින්ටෞට් අරන් ගහනවනෙ හුත්තො කාමරේ බිත්ති පුරා හතර අතේ...


      " බෝ බබාට බව් පැටියෙක් ගෙනත් දෙන්නද අයියා? "


" ඇයි ගෙදර ඉන්නෙ.. මේ.. එයාල දැන් ලොකුයි අයියෙ.. නිරූ එව්වෙ.. " දවස් දහ තුනට දා හතරට බල්ලො කොහෙ ලොකු වෙන්නද.. මූ හිතින් මවාගෙන.. බලු කුක්කො ටිකට නිරූ කන්න දෙන්න පොරොන්දු වෙනකල් මූ ගෙදර යන්න ඕන කියලා වද දුන්නා මට..


       තව මං රෙඩි නෑ.. මට බෑ කටක් ඇරල ඒව කියන්න..


       " බෝ.. ඕව ඇස්වලට හොද නෑ දරුවො ඔච්චරම.. "


      " තව විනාඩි පහයි... "



          ස්ක්‍රීන් ටයිම් බලන්න මං ෆෝන් එක උදුරල අරගත්තා.. පැය 9 විනාඩි 48 අද දවසට.. මං කරගත්ත ගොංකමක් මේ මගුලක් අරන් දීල..


 බෝපතක පිනි කඳුලු ❦( Complete   )Opowieści tętniące życiem. Odkryj je teraz