Chapter 4

69 19 53
                                    


ඇතුලාන්තයෙන් බිදුන මනුස්සයෙක්ව සුව කරන එක හිතන තරම් ලේසි පහසු කාර්යයක් නෙමෙයි..
විශේෂයෙන් අදුරු මතක අතර හිරවෙලා ඉන්න බිදුන මනුස්සයෙක්ව..එහෙව් කෙනෙක්ව ගොඩ ගන්න නම් , ගොඩගන්න හදන මනුස්සයාගෙ හිත ගල් පර්වතයක් වඩා ශක්තිමත් වෙන්න ඕනි..

මොකද බිදුන මනුස්සයෙක්ව වැළදගෙන තුවාල සුවකරන්න පෙරුම් පුරන මනුස්සයාත් අනිවාර්යෙන් බිදෙන්න පටන් ගන්නවා...එයා වැටෙන වාරයක් ගානෙ අපිත් මනසින් වැටෙන්න පටන් ගන්නවා..බිදුන මනුස්සයාට වඩා වේදනාවක් අවසානෙ විදවලා තියෙන්නෙ ඒකෙනාව ගොඩගන්න උත්සාහා කරපු තැනැත්තා..

මනෝචිකිත්සකයෙක් වෙච්චි මට පවා සමහර අවස්ථාවල මාව ගිලිහෙන්න යද්දි සාමාන්‍ය මනුස්සයෙක් ගැන කවර කතාද..
විවිධාකාර රෝගින් මුන ගැහුන මේ ජිවිතේ හුගක් තැන් හිතින් දරාගෙන ඒ රෝගියාව ගොඩගත්තු අවස්ථා එමටයි..

පලවෙනි දවසෙ හමුවෙන්නෙ රෝගියෙක් හා වෛද්‍යවරයෙක් පමනක් වුනාට රෝගියා සුවවෙන අවසානෙ එලියට එන්නෙ ලේවලින් නොබැදුනු ඒත් හිත් වලින් බැදුනු සහෝදරකමක්, ඥාතීත්වයක්, සෙනෙහසක් හා බැදුනු පුද්ගලයන් දෙන්නෙක්...

මට හමුවුන හැම රොගියෙක්ම අවසානෙ  මට තව පියෙක්, මවක්, සහෝදරයෙක් ,සහෝදරියක් හො වෙලයි නතර වෙන්නෙ..සමහර විට ඒක මගේ විදිහද නැතිනම් සෑම මනෝචිකිත්සලයෙකුගෙම විදිහක්ද කියන්න දන්නෙ නැහැ..
නමුත් ගෙවුනු වසර ගණනාවට එ හැම කෙනෙක්ම මට සමීප වුනා..හැමකෙනෙක්ටම යන්න දුන්නෙ හුගාක් ලෝභකමින්..

නැවත කිසිදාක මෙවන් පීඩනයකට නොවෑටේවා යන අවසාන පාර්තනයක් එක්ක මන් ඒ හැමෝටම සතුටු සිතින් යන්න දුන්නා...

එත්,

මම හිතන්නෙ නෑ ගියවතාවල් වල වගේ මේ වතාවෙ හමුවුන කෙනාට ඒ තරම් පහසුවෙන් යන්න දෙන්න පුලුවන් වෙයි කියලා නම්..

මෙ පුංචි කොල්ලා මෙවෙනකොටත් මගේ ජිවිතේ වෙලා අවසන්..ඉතිම් දවසක යන්න දෙන ප්‍රාර්තනයෙක් නම් මම ඔයා සුවවේවා කියලා හිතන්නෑ..මට ඕනි අවසන් හුස්ම හෙලනකම්ම එයාව පරිස්සම් කරගන්න..ජිවිතේ තියෙන තුරාවට මේ අත් යට එයාව ආරක්ෂා කරලා තියාගන්න මට ඕනි...

නොනිමි-Short story(Zhanyi)Dove le storie prendono vita. Scoprilo ora