ඇස ගැටෙනා දස දහසක් නෙතු මත..
ඔබෙ දෑසම මා සෙවූ තරම්....
ඒ නෙතු කිසිදින මා සතු නොව බව...
දැන දැන මා පෙම් කෙරූ තරම්...
දැන දැන මා පෙම් කෙරූ තරම්.....
ඔබ නොදනී මුළු ලොවම දනී.....ඒ සිංදුව මං වෙනුවෙන්ම ලියපු එකක් වගේ....
ඇස් දහස් ගාණක් මං දිහා බැලුවත්...
මගේ වෙන්න ඉල්ලුවත්....
මගේ හිත ඒ කාටවත් යන්නෙ නෑ....
කොච්චර ලස්සන වුණත්....
දක්ෂ වුණත්....
ආදරණීය වුණත්.....
ඒ හැමෝම මට ආගන්තුකයෝ.....
කාටවත් මගේ හදවතේ ඉඩක් නෑ...මොකද තාමත් මගේ හිත පිටකොටුවේ පාරක් අයිනෙ පුංචි අඹ ලෑල්ලක අඹ අච්චාරු විකුණපු කොල්ලෙක් ළග නතර වෙලා හින්දා....
තද කළු පාට මුදු මුදු කැරලි කොණ්ඩෙකුයි.... කොළ පාට මිශ්‍ර වුණු කළු පබලු වගේ පූස් ඇස් දෙකකුයි තිබුණු එයා....
බෝල කම්මුල් දෙක පුම්බගෙන අහිංසක විදිහට යාන්තමට හිනාවෙන එයා....
ඒ පුංචි ආත්මෙ ළග තාමත් මගේ හදවත නතර වෙලා.....ඒ බෝල ඇස් දෙක මට මුලින්ම මුණ ගැහුණු ඒ දවස.....
මට තාමත් මතකයි.....රටේ නමගිය නළුවෙක් විදිහට මම ඕනෑ තරම් ලස්සන කෙල්ලෝ...කඩවසම් කොල්ලෝ දැකලා තියෙනවා.... ඒත් එයාට තිබුණේ ලස්සනට එහා ගිය මහ අමුතුම වශී කරවන ගතියක්.......
මං එදා හිටියෙ තනියෙන්ම එළියට ඇවිත්...හැමෝගෙන්ම හැංගිලා....
තොප්පියක් දාලා ....මාස්ක් එකකුත් දාලා....
මම හිටියෙ මගේ රිදිච්ච හදවත ආපහු පැලැස්තර දාලා වහගන්න උත්සහා කරන ගමන්... අඩන්නෙ නැතුව හැමදේම දරාගන්න උත්සහා කරන ගමන්....හැමෝම හිතන් ඉන්නෙ මම පුදුම තරං වාසනාවන්ත කෙනෙක් කියලා....
මධ්‍යම පාන්තික පවුලක ඉපදිලා ඒ කාටවත් යන්න හිතන්න බැරි විදිහෙ තැනකට ගිහින් රටේ නමගිය තරුවක් වුණ එක.... හුගක් අය කඩවසම් , ආදරණීයයි කියලා හිතන පෙනුමක් තියන එක.... හැමෝම වශීවෙන ආකර්ශනීය හිනාවක් තියෙන එක...
මේ හැමදේම එක්ක මම සර්ව සම්පූර්ණ මනුස්සයෙක් විදිහට හැමෝම හිතුවා....ඒත් එහෙම නෑ..... මමත් අසම්පූර්ණ , සාමාන්‍ය මනුස්සයෙක්.....
ඇයි මගෙන් දේවදූතයෙක් බලාපොරොත්තු වෙන්නෙ????
ඊට පස්සේ මම ඒ දේවදූතයා නොවුණම මාව යකෙක් ගාණට දාලා සලකන්නෙ???