❄️12☃️

826 232 107
                                    

.....................................මන් උඹට දැන්  කවුරු කියලද කතා කරන්න ඕන නෙස්ටෝරි .......

උඹව මට දැන් මගෙ හිතේ හැටියට අල්ලන්න පුලුවන් ....ඕනා නම් ඉඹින්නත් පුලුවන් ..උඹ මේ මූන කොච්චර පරිස්සම් කරගන්නවද....ආඩම්බර මේපල් ඇස් වලින් රවන රැවිලි වලට මං නන්නතාරයි බන්........

නෙස්ටෝරි අහපන්....උඹට මාව ඇහෙනවද.....මට උඹව අල්ලන්න පුලුවන් මිරිකන්න පුලුවන් ගහන්න පුලුවන් ..හිතේ හැටියට ඕන මගුලක් කරන්න පුලුවන් ...ඒත් අද....අද මගෙ අත් පන නෑ බන්.....මට හැගීමක් නෑ.....මට දැනීමක් නෑ........අවස්තාව ඕනාවටත් වඩා තියනවා...ඒත් මට උඹව අල්ලන්නවත් හිතක් නෑ......මට උඹව ඕනා නම් බදලා උනත් ඉඹින්න පුලුවන් ..ඒත් ඒ හාදුවල තේරුම මොකක්ද කියල හැංගිලාවත් නෑ බන්..........

..........මං කාටද බන් වැරදියි කියලා ඇගිල්ල දික් කරන්නෙ......?



මං උන්නෙ මාව දාපු කාමරේ ඇතුලෙ....මගෙ වස්තුවගෙ කටේ කෙල හිදෙන්නෙ නැතිදො මන්දා...

හ්ම්.......මගෙ වස්තුව...ඇහුන එක සීයට දාහක් හරි...ඒ ඉන්නෙ මගෙ වස්තුව.......ඇස් පියවෙන මොහොතකට කලින් මට බැරි උනා  මගෙ උද්දච්ච කම පැත්තක දාලා ලගට අරගන උඹයි මගෙ වස්තුව කියන්න.......

ඇස් පියවෙන්න එක තත්පරේකට කලින් මට බැරි උනා වස්තුව මං උඹට ආදරේ කරන්නද අහන්න.......

ඒ හැම දේම නැති උනා...ඒ හැම දේම විනාස උනා....උඹට බැනලා ආවත් මොකද උඹව ආපිට ලැබුන සතුටටම මං උන්නෙ පිස්සු වැටීගන...ඒකයි බන් කල්පනාවක් නැතුවම ඔහෙ පාර පැන්නෙ....කොහෙ සිහිය තියෙන්නද....මට දැනුනෙ මගෙ වටේටම හරිත කදුකර සුවදත් ඉදුන බෙරි සුවදත් විතරක් වෙනකොට ..........

එයා කියවනවා.....එයාට මාව අල්ලන්න පුලුවන් ලු...එයාට ඕනා නම් මාව ඉඹින්න පුලුවන් ලු ඒත් දැන් එයාට  ඒ මොකවත් කරන්න හිතෙන්නෙ නෑ කිය කිය එයා කියවනවා.......

ඒ ඇස් ඉදිමිලා....රතුවෙලා .........රෝස සිරප් පාට තොල් තනිකරම පාන්ඩු පාට ගහලා.....අර පිරුන මූන මේ හෝරාගානට ඇදිලා ගිහින් තිබුනා.......

නෙස්ටෝරි .....

"ම්න්....."

හාදුවක් විතරයි මට දෙන්න පුලුවන් උනේ...ඒකත් අඩමානෙට ......අඩුම ගානෙ පපුව පුරවලා වැලදගැනීමක් වත්....

❄️❄️☃️ WAYFARER ❄️❄️(slw Update )Where stories live. Discover now