" ඇයි මෙතන පන්තියට යන්න එපේ. "

" බෑ කිව්වේ. "

යසස් අහද්දි ලිහේෂ සිහේල දිහා බලලා කිව්වේ සිහේල ඔලුවෙන් එන වේදනාව හංගන් හිනාවෙද්දි. තුවාලේ හරි හැටි වේලිලා නොතිබ්බ නිසාම කොල්ලාට එන වේදනාව ටිකක් වැඩි උනත් බෙහෙත් බිව්ව නිසාම ඒක ගානක් ගියේ නැහැ කොල්ලාට. තවත් එතන හිටන් ඉන්න බැරි නිසයි යාන්‍තමට අව්වක් වැටෙන නිසයි යසස් සිහේලවත් වත්තම් කරන් පංතියට ගියේ පංතියට ඇතුල් වෙන්නත් කලින්ම ඇහුනු කතාවට සිහේල යසස් දිහා බලද්දි.

" අඩෝහ් රොමේෂ්ට පෝරියල් එකක් දීලා කව්දෝ. අතයි කකුලයි දෙකම කැඩිලා පොරගේ. "

පංතියේ එකෙක් කෑ ගහලා කියනවා ඇහෙද්දි සිහේලට මීටර් උනා ඊයේ ගෙදර කොහෙවත් කුමාර් පේන්න හිටියේ නෑ නේද කියලා. ඒ එක්කම යසස් කින්ඩියට හිනාවක් දාලා පංතිය ඇතුලට යන්න ගත්තේ මෙච්චර වෙලාම ගෝෂාවෙන් පිරිලා තිබුනු පංතිය එකපාරටම නිශ්ශබ්ද වෙද්දි. සිහේලට attack එකක් ආවා කියලවත් සිහේල හොස්පිටල් හිටියා කියලවත් පංතියේ උන් තියා ඉස්කෝලේ ප්‍රින්සිපල්වත් නොදැන හිටියේ මෙතුල මේ හැමදේම යටගැහුව නිසා.

" අඩෝහ් මොකද මෙ අපේ ක්‍රිකට් කැප්ටන්ට වෙලා තියෙද්දි. මැච් එක පැරදිච්ච දුකට උබ කෝච්චියටකවත් පැන්නද. "

පංතියේ ඉන්න එකෙක් අහද්දි සිහේල හිනාවක් විතරක් දීලා අදාල තැනින් ඉදගත්තේ ඔලුවේ වේදනාව නිසා. එහෙන්මම ඔලුව ඩෙස් එකේ තියාගත්ත කොල්ලාට නින්ද ගියේ කිසිම කෙනෙක් කොල්ලාට බාධා නොකරපු නිසා වගේම බාධා කරන්න යසස් ඉඩ නොදීපු නිසා. පංති භාර මැඩම් මොකක් වෙලාද තුවාල උනා අහද්දි සිහේල ගෙදර පඩිපෙලෙන් කකුල පැටලිලා වැටුනා කියලා බොරුවක් කිව්වේ kingswood එකේ කැප්ටන් එක්ක වලියක් ගිහින් ඒකේ ප්‍රතිඵල මේ කියලා කියන්න බැරි නිසා. ඊට පස්සේ ඕක හෙන කේස් එකක් වෙලා විනය පරීක්ෂන තියලා පංති පහනමක් ඇවිලා හෙන ජංජාලයක් වෙන නිසාම යසස් ඇගට පතට නැදැනී ගානට බොරුවක් කියලා ශේප් කලේ මැඩම් ඇවිත් සිහේලගේ නලලට අත තියලා බලද්දි. නෑ නෑ උණ නෑ.

" ඕයි නැගිටපන්. කාලා මේ බෙහෙත් ටික බීපන්. "

යසස් සිහේලට ඉන්ටවල් එකේ කතා කලත් සිහේල නෙවේ ඔලුව උස්සලාවත් බැලුවේ. ඒ නිසාම ලිහේෂ බලෙන්ම නැගිට්ටවලා බලෙන්ම කවලා බලෙන්ම බෙහෙතුත් පොව්වලා ආයෙත් සිහේකට නිදාගන්න දුන්නේ කොල්ලාගේ ඇග ලාවට මේ වෙද්දිත් රත් වෙලා තිබුන නිසා. පංතියට එන හැම එකාටම සිහේල ප්‍රදර්ශන භාණ්ඩයක් වෙලා තිබුනේ සිහේල නින්දේ ඉන්න අතරෙමයි. එකහමාර වෙනකම්ම සිහේල ලගින් හෙල වුනේවත් නැති යසස් හසෙල් දෙන්නා duty නිසාම එකහමාරට පංතියෙන් ගියේ 2.30 වෙනකනුත් සිහේල නිදාන් ඉද්දි. ඒ වෙනකොටනම් කොල්ලාගේ ඇග ගිනි කබල වගේ රත්වෙන්න අරන් තිබුනේ ඔලුවේ තිබුනු තුවාලෙන් ආයෙත් ලේ එන්න ගනිද්දි.

𝙾𝚇𝚈𝙶𝙴𝙽 ( Onhold 🚫 ) Where stories live. Discover now