💐 විසිවන කොටස 🌷

8 3 0
                                    

...... ..........
...............

................ ඉතාලිය - බොලොග්නා ...........

සොලික් වයින් ආයතනය .

" තාත්තා ඔහු දැන් කොරියාව නැත. "
අයිමි කෝපයෙන් යුතුව කීවේය.

" ඔබට මා පැවසුවා එහි නොයන ලෙස."
ඒ වික්ටෝරියෝ සොලික් ය.

" නමුත් තාත්තා, ඔහු නැතුව මා කොහොමද... ?

" නවත්වන්න. මා ඔහු ගැන සොයා ගන්නකං ඔබ පැත්තකට වී සිටින්න. "

වික්ටෝරියෝ සොලික් අවවාදත්මකව පැවසීය.

.... අයිමි කියු ලෙස අයිඩෙන් ව සොයාගෙන මීට දින දෙකකට පෙර කොරියාව වෙත ගියේය. නමුත් අයිඩෙන් ඊට සති කීපයකට පෙර කොරියාවෙන් නික්මිණි.  අයිමි නැවත පැරිසිය වෙත පැමිණ වික්ටෝරියෝ හමු වීමට ඔහුගේ ආයතනය ට ගියේය.

වික්ටෝරියෝ නම් කිසිදු කලබලයක් නොකරයි. ඔහු ප්‍රශ්න විසඳන්නේ හිමින් සීරුවෙනි.
අයිමි ට ගෙදර යන ලෙස පැවසු ඔහු තම ප්‍රධාන සේවකයා වූ ජේසන් ට කතා කළේය.

" ඔබ අයිඩෙන් ගැන සොයා බැලුවද? "
වික්ටෝරියෝ විමසීය.

" ඔව් සර්. මා සිතන්නේ ඔහු කොරියාවේ වෙනත් නගරයකට පලා යන්න ඇති. "

" මට නිගමන එපා. මට ඇත්ත තොරතුරු ඕන. සාක්ෂි එක්ක. තමුසේ කොරියාව ට ගොස් හොයා බලනවා. "
වික්ටෝරියෝ ජේසන් ට තරහින් පැවසීය.

කිසිවක් නොකියු ජේසන් ඔහුගේ කාමරයෙන් පිට විය.

.......
.................
................................

" ඔබ දන්නවද ? මා පෙර දින ඩෙල් ගාඩා ඇල්ල බලන්න ගියා. "

" අනේ. මාත් යන්න ආසයි. "

" ආශාව නෙවෙයි. මම ඊයෙ එහේ දි අයිඩෙන් මහත්තයා වගේම තරුණයෙක් දැක්කා. "

" ඔයාට පිස්සුද? ඔහු ඉන්නේ කොරියාවේ නොවේද? "

" ඒ වුණාට ඒ තරුණයා අයිඩෙන් මහත්තයා වගේමයි. ඔහු සිටියේ තව තරුණයෙක් එක්ක."

" මොනවා. පිරිමි ළමයෙක්?? "

" ම්ම්. "

" දන්නවද? කට කතාවක් තියෙනවා අයිඩෙන් මහත්තයා කාන්තාවන්ට ඇලුම් නොකරන බව. "

නොදකිමි 💔 (BL - Fiction - Completed)Where stories live. Discover now