💐 දහ නවවන කොටස 🌷

Start from the beginning
                                    

" මා ඔබ කතා කරනවා අහගෙන ඉන්න ආසයි. "

ඔවුන් ගමනාන්තය ට ළඟා විය. එතන කට්ටිය සිටි බැවින් ඔවුන් නැවතත් ඈත් විය.
චින් මේ ට නම් උඩ සිට බිමට කඩා හැලෙන දිය දහර දෙස බලා සිටීමත් සුන්දර දසුනකි. බොහො වෙලා ඒ දෙස බලා සිටි ඔහු අයිඩෙන් ට කතා කළේය. නමුත් අයිඩෙන් එයට උත්තර යක් නොදීය. චින් මේ දෙවතාවක් තුන් වතාවක් ඔහුට ඇය කතා කලද ඔහු ප්‍රතිචාර නොදැක්විය. චින් මේ වටපිට බැලීය. ඔහු ළඟ පාත පේන්නට නොසිටියේය. චින් මේ අයිඩෙන් ව සොයන්නට නැවත හැරුණි.

ඔහු ඉදිරියට යද්දි එක වරම කවුරුන් හෝ ඔහුව අතින් ඇදලා ගත්තේය.

ඒ අයිඩෙන් විය.

" හ... ඒ ඔබ නේ."
චින් මේ ගේ දෑස් වල තිබු බිය කෙමෙන් කෙමෙන් පහා විය.

අයිඩෙන් චින් මේ ව කද මහත ගහකට හේත්තු කළේ කාටවත් නොපෙනෙන පරිදිය.

" දැන් දිය ඇල්ල දෙස බලා සිටියා ඇති නේද?? "

" මදි වගේ. "

" ම්ම්. දැන් මා දෙසත් ටිකක් බලන්නකො. "
අයිඩෙන් පොඩි ළමයෙකු වගේය.

ඔවුන්ගේ ටික වෙලාවක් ඔවුන්ගේ දෑස් දෙස බලා සිටියේ ය. අයිඩෙන් ගේ මුව චින් මේ ගේ මුව දෙසට ළංවිය. ඔවුන්ගේ නාසයන් එකිනෙක ස්පර්ශ විය. අයිඩෙන් ගේ තොල් චින් මේ ගේ තොල් මත ගැවීණි.

ඒ දැනුන ස්පර්ශය චින් මේ ගේ පාදයේ සිට හිස දක්වා ම විදුලිය ගමන් කලා මෙන් විය. අයිඩෙන් චින් මේ ගේ තොල් සිපගන්නට විය.

.....
.........
............. රාත්‍රි ආහාර වේල ගත් ඔවුන් යහන වෙත ගියේ දවසේ විඩාව නිවා ගැනීමට ය.

" එය හරි සුන්දරයි. "

" මොකද්ද මා දුන්න තෑග්ගද? "
අයිඩෙන් එසේ අසද්දි නම් චින් මේ ට ලැජ්ජාවක් ඇතිවිය.

" නැහැ. දිය ඇල්ල. "

" එවිට මගේ තෑග්ග. "

" එය හොඳයි. "
චින් මේ මිමිණිය.

" මොකක්?? මට ඇහුණේ නැහැ. "

චින් මේ නිහඬ විය.

" ම්ම්. මගේ තෑග්ග වැඩිය දැනිලා නැහැ වගේ. "

අයිඩෙන් නැවත චින් මේ ගේ තොල් සිපගත්තේ ය.

එය නොහිතු මොහොතක ලැබු නිසා චින් මේ ගල් විය

" තාම දැනුනේ නැද්ද? "

ආයෙත් අයිඩෙන් චින් මේ ගේ තොල් සිපගත්තේ ය.

" දැනුනා. "
චින් මේ එක්වරම එලෙස පවසා අනිත් පැත්ත හැරි පොරොවනයෙන් ඔලුව වසා ගත්තේය.

" කෝ බලමු. මූණ. "
අයිඩෙන් චින් මේ ව කිති කවන්නට විය.

" අනේ එපා. "
චින් මේ හිනා වෙවී කෑ ගසන්නට විය.

" කෝ කෝ ඔය රතු පාට මූන"

අයිඩෙන් චින් මේ ව තවමත් කිති කවමින් ඔහු ව විහිළුවට ගනි.

....
..
.........
..................,....
අවසන් කොටස් කිහිපය යන්නේ.
මේක ඉවර වුනු ගමන් ආරාධනා දෑස් දෙනවා.

තවත් දවසක හමුවෙමු යාලුවනේ.

නොදකිමි 💔 (BL - Fiction - Completed)Where stories live. Discover now