නවවන කොටස

Start from the beginning
                                    

මන් ලොකු හාමුට තේ හදන ගමන් හිටියෙ. ලොකු හාමු හරි කැමතියි මන් ඉගුරු දාලා හදන තේ එකට. ලොකු හාමූ වෙලාවකට විහිලුත් කරනවා මටත් ඉන්න තිබ්බෙ මේ වගේ කොල්ලෙක් කොහෙද ඉතින් අපේ එවුන් මෙහෙම රසට තේකක්වත් හදන්න දන්නවයෑ කියලා. ඉතින් මම සුපුරුදු විදිහටම බන්දේසියේ තියලා තේ එක අරන් ගියේ ඉස්සරහ සාලෙට. ඒත් එක්කම මට ඇහුනෙ සුදු බේබි එක්ක ලොකු හාමු බර කතාවක. ඉතින් මම හාමු මහත්තයාට තේ එක දීලා ආවේ කතාවට බාදා කරන්න ඕනේ නැති නිසා. ඒත් මට ආපහු ඇතුලට එද්දි ඇහුනෙ මන් ජීවිතේටවත් හිතපු දෙයක්නම් නෙමෙයි.


" අභිශේක් මන් මේ මේක අහන්න ඕනේම නිසා අහන්නෙ . දැන් නරකද කසාදයක් ගැන හිතුවොත්. මොකද අයිය කොහොමත් මේවා බාරගන්න කැමති නැති එකේ ඔයා වත් මේවා බාරගන්න එපෑ."


"මන් කැමතියි අප්පච්චි. ඒත් ඉතින් අප්පච්චි තවම හොදින් ඉන්නවනෙ."


" හිතේ කා ගැනහරි කැමැත්තක් එහෙම තියනවද?"


" ම්ම්..මේ ම..මම මේ මම ම.. හ්ම්ම්.... බොරු කියන්න ඕනේ නෑනේ අප්පච්චි එහෙම කෙනෙක් ඉන්නවා ඒත් මන් හිතන්නෙ නෑ අප්පච්චි ඒකට කැමති වෙයි කියලා."



"කවුද කියලා මන් අහන්නෙ නෑ.මට පුතාගේ කැමැත්තට විරුද්ධ වෙන්නත් බෑ. ඒත් මට පුතාට කියන්න දෙයක් තියනවා.මම මුල ඉදන්ම හිතපු දෙයක් තිබුණා.මට ඒක කරන්නම වෙනවා. මොකද ඒක පොරොන්දු වෙච්ච දෙයක්.ගොඩ කාලෙක ඉදන් මන් ඒකට බලන් හිටියේ.පුතාට ඒකට කැමති වෙන්නම "



"ඒ මො..මොකද්ද අ..අප්පච්චි ? 😟 "





මට තවත් එතන එක විනාඩියක්වත් ඉන්න ඕනේ වුණේ නෑ. මම හිතුවා මෙහෙම දෙයක් වෙයි කියලා.දැන් කොහොමටවත් ලොකු හාමුට විරුද්ධ වෙන්න සුදු බේබිටවත් බෑ. ඉතින් මං මොනව කරන්නද, ඒ කියන්නෙ කවමදාවත් සුදු බේබිව මට ලැබෙන්නෙ නෑ.
මමයි වැරදි මට තිබුණා එහෙම බැදීමක් සුදු බේබී එක්ක ඇතිකරගන්නෙ නැතුව ඉන්න.
ඇස් දෙකට ආව කදුළු ඔහේ ගලන් යන්න දීලා මම මගෙ කාමරේට ගියා. මට දැන් ඕනේ අඩන්න. හයියෙන් කෑ ගහලා මේ දුක නැති වෙනකන් අඩන්න.





At 10.00 p.m

අභිශේක් pov :

අභිශේක් pov :

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
අහිමි මතක (Taekook Nonfanfiction)Where stories live. Discover now