Chapter 03

23 5 0
                                    

මේ සෙනසුරාදා සන්ධ්‍යාවයි. යුවනි සහ විහාර දෙදෙනාම උදෑසන පටන් පැවති අමතර පන්ති දෙකකට සහභාගි වී විහාරගේ නිවසට පැමිණියේ ඇයගේ පියා අද නිවසේ නොමැති බව පවසා යුවනිට විහාරගේ නිවසේ රැඳීමට පැවසූ නිසාය. යුවනිට සිටින්නේ සිය පියා පමණකි. ඔහු ව්‍යාපාරිකයෙක් වන අතර යුවනිගේ මව මිය යන්නේ ඇයට උපත දීමෙන් පසුවයි. යුවනි හා විහාරගේ මෙම මිතුදම මෙතරම් ශක්තිමත් වීමට මෙම හේතුවද බලපාන්නට ඇත. යුවනිගේ පියා ඉතාමත් සමාජශීලී මෙන්ම විනෝදකාමී පුද්ගලයෙකි. යුවනිට ඇත්තේද සම්පූර්ණයෙන්ම සිය පියාගේ ගතිගුණයි. ඉඳ හිටකදී සිය පියාට ව්‍යාපාර කටයුතු යෙදුන විට ඇය විහාරගේ නිවසේ දින ගෙවීම ඔවුන් කිසිවෙකුට අරුමයක් නොවේ. විහාරගේ මවද යුවනිට විහාරට මෙන්ම සෙනෙහස දක්වන්නේ ඇයගේ ඇති නිරහංකාර ගතිගුණ මෙන්ම සිය පුතාට සිටිනා එකම යෙහෙලිය ඇය වන නිසාය.

යුවනි සිය දුරකථනය රැගෙන වේලාව බලමින්, නැවත දුරකථනය තබමින් නැවත අතට රැගෙන කුමක් හෝ කරමින් කලබලයෙන් සිටින ආකාරය විහාරගේ රේඩාරයට කිහිපවරක් හසු වූ නමුත් ඔහු නිහඬවම බලා සිටින්නට විය. හවස හයහමාරට පමණ එකවරම ඇයගේ දුරකථනය නාද වන්නට පටන් ගත් අතර වාඩි වී සිටි පුටුවෙන් කලබලයෙන් නැගිටගත් ඇය එය උඩින්ම පැන විහාර අත තිබූ ටීවී රිමෝට් එක රැගෙන එයද ක්‍රියා විරහිත කර දැමුවේ හෙනයක් ගැසූ අයෙකු මෙන් විහාර බය වී බලා සිටින අතරතුරදීය. එක්වරම ඔහු අසලින් වාඩි වූ ඇය එතෙක් වේලා පැමිණි දුරකථන ඇමතුම ආන්සර් කරමින් මුහුණට ටිකක් ඉදිරියට වන්නට අල්ලා ගත්තාය.

'ඔහ් වීඩියො කෝල් එකක්. කවුද මේ-'

යුවනිට නොදැනෙන්නට ඇස් කොනෙන් ඇගේ දුරකථනය දෙස බැලූවත් ඔහුට දැකගත හැකි වූයේ කලුපාට පසුබිමක් පමණි. නමුත් වැඩි වේලාවක් ඔහුට එසේ කුතුහලයෙන් සිටින්නට වූයේ නැත.

"හායි සුදු අයියා!"

'එව් එව් එව්ව් අර මුහුදු ලිහිණියා' හිතෙන් දාහක් දේ කියමින් බැණ වැදුනු විහාර තවත් හොඳින් ඔවුන්ගේ සංවාදයට ඇහුම්කන් දෙන්නට වූයේ මුහුණෙන් බිඳක් හෝ වෙනසක් නොපෙන්වමිනි.

You've reached the end of published parts.

⏰ Last updated: Apr 18 ⏰

Add this story to your Library to get notified about new parts!

♡...𝘠𝘰𝘶𝘳 𝘏𝘦𝘢𝘳𝘵 𝘪𝘴 𝘢𝘭𝘭 𝘐 𝘰𝘸𝘯...♡Where stories live. Discover now