විසි එක්වන යාත්‍රාව

En başından başla
                                    

"පුතූ......තේ බොන්න එන්න

දරුවො

අම්ම්...මේ..........

ඇයි මේ අඩන්නෙ මොකද වුනේ
කවුරු හරි ඔයාට මොනා හරි කිව්වද"
මට හිතේ තියෙන දුකට අම්මාව බදාගෙන ඇඩුවා අම්මා මගෙන් මුකුත් විස්තර අහන්නැතුව මට ඇති වෙනකන් අඩන්න දුන්න මන් අඩනකම් එයා මගේ ඔලුව අත ගෑවා.
අන්තිමට මට ඉතුරු වුනේ අම්මා විතරයි.
"පුතා දැන් ඇති කොල්ලො අඩම්මෑ
බලන්න අඩනකොට මගේ ලස්සන කොල්ලා කැත වෙනෝනේ කෝ

අ...ම්ම්...මේ... කොල්ලොන්ට හිත රිදුනම අඩන්න බැරිද

පුලුවන් දරුවො අපි හැමෝම මිනිස්සුනේ ඉතින් හිත බිදුනම අඩනො මා පුතාට කවුරු හරි මොනව හරි කිව්වද

අ...ම්...මෙ...... මන් දෙයක් කියන්නද අම්මාට මාව එපා වෙයිද දන්නෑ

මට මගේ දරුවොන්ව කවදාවත් එපා වෙන්නෙ නෑ පුතේ

අ....ම්.....මේ.මම

ඔව්

මම"
අම්මා හොදින් ඇහුම්කන් දෙන ගමන් මගේ ඔලුව අත ගගා අහන් ඉන්නවා

"මම ගේ අම්මේ..."

අම්මා කතා නෑ මගේ ඔලුව අත ගගා ඉන්නො එයාටත් මාව එපා වෙයිද ආයුශ්ට වගේ

"අ...ම්..මෙ....ඔයාටත් මාව අප්පිරියයි ද

නෑ පුතේ මගෙ දරුවාව මට කවදාවත් එහෙම වෙන්නෑ තේරුනාද
අම්මා ඔයා මොනවිදිය කෙනෙක් වුනත් පිලිගන්නවා මොකද ඔයා අම්මාගේ පුතූනේ

අම්ම්...මේ"
මට ආයෙත් මගේ කදුලු අලුත් වුනා මන් අම්මාගේ පපුව අස්සෙ ඔලුව තියන් හොදටම ඇඩුවා

"ආ... මෙ මොකො මේ "
අඩුපාඩුවත් ආවා මගේ නිදහස ඉවරයි

"ලොකු යන්න

අම්මො අලි බබා නලවනවද

ලොකූ

අපිට නෑ නේ ඉතින්

උබ ලොකු එකා මේ පොඩි එකා

මාත් බලන් ඉන්නෙ ඔක ලොකුවෙන්නෙ කවදද කියලා

ලොකූ

හරි කෑගහන්න එපා මන් ගියා

අක්කා කියන එවා ගනන් ගන්න එපා පුතේ පුතාට දැන් මොනාද ඔනා

අම්ම්මෙ මට මෙහෙන් දුරකට යන්න ඔනේ

හරි පුතා කැමතිද අත්තම්මලහා යන්න

අපෝ බෑ

එහෙ නෙවෙයි මගේ අම්මා ලගට

ගෙදරම්මලාහද

ඔව්

හා එහෙනම් ඒත් කෝස් එක

එක ඔන්ලයින් යන්න පුලුවන්නෙ

හා

නාඩා ඉන්න පුතා"

.…..............

පහුවෙනිදා උදේම අපෙ අම්මා මාව එයාගේ කාර් එකෙන් එක්කන් ගියා අපේ ආත්තම්මලහට එක ලස්සන ගමක් මන් ශට එකෙන් ඔලුව තියාගෙන ඈතපේන දරාකුල් කන්ද දිහා බලාගෙන ගියා. අපේ අම්මා කියන විදියට ඒකේ යෝදයාගෙ පලතුරු උයනක් තියනවලු ඔවා ඉතින් ජන කතානෙ එ වුනාට එක හරි ලස්සනයි ගාල්ලෙ වුනාට මේ පැත්ත හරි සීතලයි ඈත පේන රබර්වතු තේ වතු කුඹුරු ඔක්කොම පාස් කරන් අපි ගෙදරම්මලහාට ආවා. මන් මෙහෙ පොඩි කාලෙ ආවයින් පස්සෙ ආවෙ. අද මෙහෙ ගොඩාක් වෙනස්වෙලා. මෙහෙ අත්තම්මායි සීයයි මාමායි විතරයි ඉන්නෙ.
අපේ මාමා බැදලා නෑ බදින්නෙත් නෑ එයා ආත්තම්මයි සීයයි බලාගෙන ඉන්නො.

සීයා මන් අන්තිමට දැක්කට වඩා වැහැරිලා ආත්තම්මා නම් එදා වගේමයි තාමත් මට තමා වැඩියෙන් ආදරේ. අපි යද්දි ආත්තම්මයි මාමායි අපට උයලා තිබුනා පොලොසුයි පරිප්පුයි පොල්සම්බෝලයි රතු බතුයි මාලුයි පුදුම රසක් තියෙන්නෙ ඒ කෑමවල මෙහෙ ආවම සේරම දුක අතුරුදහන් වුනා වගේ

හෙට ඉදන් මට කෝස් එකේ ලෙක්චර්ස් පටන් ගන්නො මන් එයාව අමතක කල්ලා අලුත් ජීවිතයක් පටන් ගන්නවා. මුලින්ම කලේ එයාගෙ නම්බර් එක බ්ලොක් කරපු එකයි හෙනකදයා ප්‍රයිවට් ලිමිටඩ් එකෙන් ලීව් වුන එකයි මොකද තවත් එයත් එක්ක කතා කරන්න මගේ හිත ශක්තිමත් නෑ. මට තේරෙන්නෑ මට කොතනද වැරදුනේ කියලා. මේව ගැන හිතහිත ඉද්දි ආත්තම්මා කාමරේට ආවා

"පුතේ මොනාද කල්පනා කරන්නෙ

මුකුත් නෑ ගෙදරම්මෙ

යමු මාමා උයනො බලන්න

හා යමු"




AN
Hi මා ප්‍රියාදර සික්ක සික්කාවියනි ඔන්න බකට් නම්බර් ටූත් පෙරලුවා. දැන් ඔයාලා හිතනවා ඇති කවුද අවිගෙ බෝයි කියලා සැගවුන අමුත්තා නම් කර දොරදෙකේ දුරකතනයක් දිනාගන්න. ඔන්න එහෙනම් මන් ගියා කට්ටියට දැනෙන හැගීම කමෙන්ට් කරන් යන්න් ඇමතක කරන්න එපා හොදේ

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Apr 18 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

කල්පාන්තේ දවසක්Hikayelerin yaşadığı yer. Şimdi keşfedin