සඳක් 🌙 - 11 -

Start from the beginning
                                    

" ............. "


" ආහ්.. කටවල් පහක් කාල නටන නාඩගමක් නටාගනිං. ගෑස්ට්‍රික් වැඩි වෙලා කෑගහද්දිත් මමනෙ දුක් විඳින්න ඕන. උබලනං වැටිලා ඉදී ඇදක.. එක්කො කටක් ඇරලා තියෙන ප්‍රශ්නෙ කියහං.. මට කේන්ති යනවා චූටී... පොඩි උන් වගේ.. මොකද්ද මේ විකාරෙ අප්පා මෙච්චර නාකි වෙලා ඉදගෙන.. "

අම්මා බත් කටක් මුවට ලං කළේය. සඳක් අතින් මුව වසාගත්තේ අනෙත් අතින් ඇස් පිස දමමිනි.

" අහ්නේ අම්මා බඩගිනි නෑ.."

" උබ මං පට්ට ගහනවා සඳක් මට මෙච්චර වද දෙන්න එපා! තොපිට මං මැරිල යනකල් තේරෙන්නෙ නැද්ද බොලව් මං කරන සුමේ! "

" කන්න බෑ කියන්නෙ බැරි හින්දනෙ! "

" යකෝ තොට ගෑස්ට්‍රික්! "

" කමන්නෑ මැරිද්දෙන්.. මං නෙ. "

" උබට මම අද- " අම්මා ගෙතුලට ගොස් දිරකඩව යන වේවැලක් ඔසවාගෙන ආවේ රා කල දහසක් වැළඳූ නාලාගිරියා සේ ය. ආරුශ්ගේ ඇස් ඇයගේ අත දෙසත් සඳක්ගේ රතුම රතු කම්මුල් දෙසත් ගමන් කළේය. ඔහු හිස දෙපසට සැලුවේ සුසුමක් සමඟිනි.

' මූ නං පුදුම ගොං හුත්තක්! '

" ආහ්.. කාපං කාපං... බත් නෙ කන්න බෑ කිව්වෙ... " උස් හඩින් කියාගෙන සාලය මැදින් යන රුශාල්ගේ කොන්ද හරහට පලමු පහර වැදුණේය. " අම්මා! "

" තොපි ඔක්කොම- එකයි, එකයි! " එකයි කීවාට සඳක්ගේ ගුලි වූ සිරුර මතට වේවැල් පාර නම් දෙකක් වැදුණි. " තෝ පට්ට ගහනවා මම! කාපිය බත් එක! කාපිය අරගෙන අතට!! මොන ගෑනි ඕන කියලද තෝ මෙතන වැලලෙන්න හදන්නෙ?! තෝ බඩ වෙලාද?! මොකද්ද අප්පා මේ කරුමෙ? තෝ- තෝ කනකල් ගහනව මං පුතෝ හැබැයි- " පහර හත අටක් වැදුනත් එහිම ගුලි වෙමින් අතින් වැලැක්වීමට ගොස් ඇගිලි කඩාගන්නවා මිසක් සඳක් අවනත නොවුනේය. ආරුශ්ගේ ඇග ඇවිලෙන්නට පටන්ගෙන තිබුණි. වේවැල උදුරාගෙන අංශු දක්වා තැරිගසන්නට ඔහුට සිත් විය. අතපය බැඳ දැමූවෙකු සේ එසේ බලා සිටින්නට සිදු වීම සියල්ලට වඩා වේදනාකාරී විය.

" ගනින් බත් එක! ගනින්! "

" මහ්-ට කන්න බෑ අම්මා.. කිව්..වම ආන්නකො.. ආහ්ව් අප්පා අනේ එපා ඉතින්.. අනේ අම්මා.. "

" සඳක් ඔය බත් එක අරන් කාහන්.. මොකද්ද බං ඔච්චර ඇට්ටරකම! " පලවෙනි පහර කුලුදුලේ රසවිදි රුශාල්ට වේදනාව ගැන මිම්මක් තිබූ හෙයින් ඔහු සඳක්ට සැර කළේ බොන්නට ගෙනා වතුර වීදුරුව වීදුරු කෝපි මේසය මත තබමිනි.

" අම්මට එපා කියන්න! "

" උබ කනවා කියහන් ඉතින්! "

" මට- කන්න බෑ! "


" සඳක් මොකද්ද ඔය හිතුවක්කාරකම?! " ආරුශ්ගේ හඩ පිටස්තර නිවසක දෝංකාර දුන්නේ නිවැසියන්ගේ හඩ ද පරයමිනි. ඔහුගේ හදගැස්ම වේගවත් විය. මේසය මත වූ බත් පිගාන අතට ගත් ඔහු සඳක් අසලින්ම වාඩි විය. " කනවා.. ආහ්.. හොද කොල්ලා වගේ කන්න.. නිකන් ගුටි කන්නෙ ඇයි? " ඔහු මිමිණුවේය.


" ............. "


" කන්න මල්ලි.. කෝ, අයියනෙ කවන්නෙ... " ඔහු පැවසුවේ මෘදුම හඩිනි. අතපයේ ඇති කෝටුපාරවල් ඔහුගේ හදවත මෘදු කළේය. සඳක් බත් කටකට මුව ආයන දෙස නිවැසියන් බලා සිටියේද මුව අයාගෙන ය.

" ඔක්කොම කන්න.. ප්‍රැක්ටිස් යන්න තියෙනවනෙ මැට්ටො.. "

බිම බලාගෙන ඔරවමින් වුවත් සඳක් බත් කෑවේ ආරුශ් සියල්ලන් ඉදිරියේ එසේ ඔහුට සැලකීම නිසාම ලැබුනු ක්ශනික සංතෘප්තිය නිසාය.

🖤

චුට්ටයි මං දැන් යන්නෝන 🥺🌼

 බෝපතක පිනි කඳුලු ❦( MalexMale | සිංහල | Complete   )Where stories live. Discover now