- සඳක්☪︎ ִ ֶ֢࣪⋆ - 09 -

Start from the beginning
                                    

     " ආරුශ්- "

" කිව්වම යන්නකො, මං බලන්නං මල්ලි ගැන. "

' මං බලාගන්නං පොඩි පකයා ගැන ' ආරුශ් කාගත් වදන් සඳක්ට වැටහිනි.

       නැන්දම්මා කාමරේ දොර වසාගෙන පිටව යනවා සඳක් දුටුවේය. ඔහුගේ කම්මුල් දිගේ කඳුලු කැට දෙකක් රූරා වැටුණි. ඉකිය ද ඔහු වලක්වා නොගත්තේය.

      ඔහුගේ උදව්වට දිගු වූ අතට විසි වෙන තරමේ පහරක් ගැසූ සඳක් ගැට්ටට වාරු වී නාන බේසමෙන් නැගිට්ටේ ආරුශ් බිත්තියට තබා තද කර යටි උදරයට පහර දෙක තුනක් එල්ල කරන්නට ය. " මොකද්ද පරයො ඒ කරේ?! ඇයි තෝ අම්මට එන්න දුන්නෙ?! "

     " මං රූම් එකේ හිටියෙ නෑ ඕයි! මං කිව්වෙ අම්මා එනවා කියලා., Cctv ටික fix කරන්න යනවා කියලා! " ආරුශ් ඔහුගේ අත් අල්ලාගෙන ඔහුට රැව්වේය. " කට වක්කඩේ වගේ හදාගෙන කියවන්න එපා කියලා කට කැඩෙනකල් කියල තියෙනවා මම! බලහං වෙච්ච සවුත්තු වැඩේ.. දැන් කෝමද අම්මට තමුසෙ මූණදෙන්නෙ? "

      " තමුසෙ ඇහෙන්න කියන්න එපැයි.. මට අලි කන් තියෙනවා කියල හිතුවද? "

ආරුශ් සඳක්ගේ කන් දෙකෙන් අල්ලා දෙපසට අදිමින් ඔහුව සෙලවූවේය. " තොගෙ කන් දෙක ඇදලා ඇදලා ඇදලා අලි කන් දෙකක් කරනවා මං අද දවස ඇතුලත! පටන්ගමුකො ක්ලාස් එක! "

    " තමුසෙ තමයි.. ඔක්කොම කරලා මට කෑගහන්න එනවා තව. දෙයා ගෝස්  ද පර්ෆෙක්ට් ෆස්ට් ඉම්ප්‍රෙශන්.. අන්න යනවා අංගසම්පූර්ණ ප්‍රථම හැඟුම! "

    " තෝ තෝ පොඩි පකයා, පොත් පිටින් ගූගල් ට්‍රාන්ස්ලේට් කරලා තෝ තව කියවන්න එන්නෙපා. පටන්ගමු ක්ලාස් එක.. අද දෙනවා තොට. ඉංග්‍රීසියෙන් හුකන්නෙ අද... ශිට් ගම කෑවනෙ!  ' අම්මේ මේ තමයි මගෙ බෝයිෆ්‍රෙන්ඩ්.. ඔයාගෙ අනාගත බෑණා පොඩ්ඩ.. අර ඔයාට හුත්ති කියල කතා කරපු පොඩි ඇටවල්ලා ඔයාට මතකද? ' යසයි පොඩි ගස්බල්ලා කියපු කතාව.. ටවල් එක නෙවෙයි දැන් මාවත් කාපිය ඔහොමම "

     " අනේ මේ මං එයාට හුත්ති කිව්වෙ නෑනෙ! "

" තෝ මට හුත්තිගෙ පුතා කිව්වෙ බූරුවො! "

      " ඉතින්... තමුසෙ හදාගන්න ගත්ත එකෙක් හරි කුනුගොඩෙන් අහුලපු එකෙක් හරි වගේනම්.. අනික මං literally ඒම කිව්වෙ නෑනෙ.. තමුසෙ මහ දුශ්ටයි.. මං ගිනිගන්න අස්සෙ තෝ පිදුරු දානවා. "

     " උබ නං මහ පිස්සු හෝන්තුවක් සඳක්.. හරි දැන් ඒ මගුල අතාරිනවා. ආයවත් එයා ඉස්සරහා කට පරිස්සම් කරගන්නවා. මහලොකුවට ගෙවල්වලට කියන්න කියලා නටනවා. කට හෙප්පුව වගේ තියන්. "

     " ඉතින් තෝ ගෙවල්වලට කියලද දැන්? "

    " යමං තේ බොන්න. අම්මා එන්න කිව්වා නේද? "

    " මට බෑ.. මං තේ බොන්නෑ කියන්න.. "

" අනේ අනේ යං ඉතින් මැනික.. ඊයෙ මං කේක් ගොඩකුත් ගෙනාවා අද තව්සෙ එන හින්දා.. අනේ මැනික.. අම්මා අතින් බොන පලවෙනි තේ එකනෙ.. මයෙ සුදුහඳයනෙ. යං හොද එකා වගේ.. "

      " කේක්..? "

" චොක්ලට්- කේක් "

" මෙහාට ගේන්නකො ඒනම්. "

      " අනේ මැනික.. "

" මං අහිංසක ලැජ්ජාශීලී ළමයෙක් කියල පේන්නවත් අම්මට කියහන්, එන්න බෑ කිව්ව කියල. "

     " අර කිව්ව ටිකෙන් තොගෙ රෙදි ගැලවිල ඉවරයි බං දැන්. ඔන්න ඔය තියෙන එකක් ඇදගෙන යමං පහලට. "

      " ගහගෙන යන එකා හදන්නෙ පිදුරු ගහෙත් එල්ලෙන්න බං. උබලට ඕව තේරෙන්නෑ. මට තේ එක අරන් වරෙන් ගීම්. හොද පැටියා වගේ.. "

     තමාගේ පත ස්වෙට්පෑන්ට්ස්වලට බහිමින් පඬිවදන් දොඩන සඳක් දෙස ඇහිබැම එකට යා කරගෙන බලා සිටි ආරුශ් ඇස් රෝල් කරමින් හැරුණේය.

     ' මූ දැන් ඕනවට වැඩී.. මකල හදන්න වෙනවා කොනක ඉදන්.. '

මකනවා තබා ඔහු එක්ක හැරෙන්නටවත් තමාට බැරි බව දැන දැන ආරුශ් මැව්වේ සිහිනයකි.

🖤

 බෝපතක පිනි කඳුලු ❦( MalexMale | සිංහල | Complete   )Where stories live. Discover now