"අයියෙ මොනවද හලෝ තව ගන්න තියෙන්නේ"

"අනේ මන්දා හිතා ගන්න බෑ ඕයි. පොත් එහෙම අඩුයි නම් ඉස්කෝලෙ පටන් ගත්තට පස්සෙ ගන්න පුළුවන්නෙ බලලා"

"මේ මෙයා දහය වසර නම් ඔයා කී වසරෙද අනේ, මං නම් මේ පාර දොළහ වසරට"

ඒක ඇහුණ විතරයි මට නැති කැස්සකුත් හැදුන, යකෝ ඒ කියන්නේ මේකා දොන්ත බබක්ක වගේ හිටියට මගේ වයසනේ, මදැයි මල්ලි කෙනෙක් කියලා හිතන් ගණන් ඉස්සුවා.

"ඈ ඔයත් එතකොට අපේ අයියගෙ වයසේ නේද චවී අය්යේ"

"මෙයත් මේ දොළහෙද"

"ඔව් ඔව්"

"ඒ මේ, මොනාද බං උබ කරන්න හිතන් ඉන්නේ"

"ආර්ට්"

"අඩෝ මමත් ආර්ට්, තමයි, මරුනෙ එහෙනම් දෙන්නම එක පන්තියේ"

හයියෝ මට මූත් එක්ක එක පන්තියේ ඉන්නත් වෙනවද, කමක් නෑ ඔන්න ඔහේ හිටපුවාවේ. මං ගණන් ගන්න යන්නෙ නෑනෙ. මේ වගේ දොන්තයෙක් නම් කවදාවත් මගේ හොදම යාළුවෙක් වෙන්නේ නෑ.

"මං එක්ක එකොළහෙ හිටපු උන්ගෙන් භාගයක්ම නෑනෙ බං ඉතින් දොළහට යද්දි, ඉතින් යාළුවෝ හොයා ගන්න වෙනවා. දැන් ඉතින් උබත් අපේ ගමේ එකානේ. අපිට හොදම යාළුවෝ වෙන්න බැරියැ ඉතින්"

වෙන්නම් මං හොදම යාළුව, දවල් හීන දැක දැක ඉඳපන්, මල්ලිට නම් ඒ කතාවට සතුටුයි වගේ. මොකද මට වැල්ලේ හිටිය යාළුවෝ තොගේ හැටියට මෙහෙ කවුරුත් නැති වෙද්දි එයාට දුක ඇති.

"ඔය උසස් පෙළට මොනාද පොත් වගයක් ගන්න තියෙනවා බං, ඉස්කෝලෙ ගියාම ඒ ලිස්ට් එක ඉල්ලන් ආයේ දවසක ටවුන් එමු, මට සපත්තු දෙකක් ගන්න ඕන DSI එකට යමුද ඔහොමම"

චවික කියද්දි මමයි මල්ලියි දෙන්නත් ඒ පස්සෙන් ගියා, ඊට පස්සේ බුක් ශොප් එකකට ගිහින් පොත්, පෑන්, පැන්සල් වගේ එයාට ඕන කරන දේවල් ගද්දී අපිත් පොත් වලට පිට කවර දාගන්න ඕන දේවල් ටික ගත්ත.ඊට පස්සේ චවිකයා අපිවත් ඇදගෙන කෑම කඩේකට රිංගුවා.

"මගේ ගානේ හොඳේ, නෑ බෑ කියන්නේ නැතුව කන්න ඕන දෙන්නම"

මාළු පාන්, රෝල්ස්, උළුදු වඩේ වගේ දේවල් තිබ්බ ලොකු පිඟානක් අපේ මේසෙට එද්දී චවිකයා උගේ ගානේ හොඳට කන්න කියලා අපි දෙන්නටත් කියල මාළු පාන් ගෙඩියක් බදා ගත්තා. උදේට ඉඳි ආප්ප කෑවට මටත් දැන් යන්තම් බඩගින්නක් ඇවිත් තිබුණේ, ඒත් මගේ ලොකුකම නිසා මේ කොල්ලගේ ගානේ කන්නත් බෑ. මල්ලි මට අතට තට්ටුවක් දාලා ඇහෙන් ඉගි කරා මොනව හරි කන්න කියලා. මොකද කෑවේ නැත්නම් අර කොල්ලගේ හිත රිදෙන නිසා. ඔන්න ඔහේ ඕන දෙයක් කියල ලොකු කම පොඩ්ඩක් පැත්තකින් තියලා මමත් මාළු පාන් ගෙඩියක් බදා ගත්තා........

දඬු මොණරු Место, где живут истории. Откройте их для себя