27. මේවාන්

Start from the beginning
                                    

මන් එහෙම කියන ගමන්ම ලග පාත තිබ්බ t එක ඇද ගත්ත.. ලෝකූත් එලියට බැහැලා කාර් එක මිදුලට ගේනාවා.

"""""" තමුසේ එක්ක නම් ඉස්සරහා ෂීට් එකේ යන්න බෑ.. මොකද විශ්වාස කරන්න පුලුවන් මනුස්සයෙක් නෙවෙයි නේ..""""""

මන් දොරත් මහා සද්දෙන් වහලා දාන ගමන් පිටිපස්සේ ෂීට් එකෙන් වාඩි උනා.. මන් මොක කිව්වත් මේ කාලකන්නීයට තරහා යන්නේම නෑ. ඔහේ ඉන්නවා ගොබ්බයා වගේ.

""""""" සුදූ දැන් පාඩම් එහෙම කරනවද.., GPA  එක කොහොමද '"""""

ටිකක් දුරක් ගිහින් මිනිහා මගෙන් එහෙම ඇහුවා..

""""" GPA ඍණ ගනන් වල තියෙන්නේ ඇයි මොකෝ.. අදාල නෑනේ හලො.. අනික මන් තමුසේගේ මල්ලි නෙවෙයි හොදේ..""""""

මන් මගේ ෆෝන් එක අතට අරගෙන අරූව ගනන් ගන්නේ නැතුව ටික දුරක් ගියා.. මන් ශේප් එකේ මුගේ දිහා බලනකොට මූ අමුතු හිනාවකුත් දාගෙන කාර් එක ඩ්‍රයිව් කරනවා.

""""'"" මේ කාලකන්නීයා හිනා වෙනකොට මට එන තරහා නිමක් කොනක් නෑ...""""""

හිතින් බැන බැන හිටපු මම මගේ කට ඇරියා,.

"""''""" මේ තමුසේ දැන් කවදා වෙනකන් මෙහේ ඉන්නවද... """"""

මන් එහෙම ඇහුවත් මිනිහා ලොකු හුස්මක් පිට කරලා මුකුත් කිව්වේ නෑ..

""'''''"''' මොකක්ද ඕයී තමුසේ මේ දෙන කරදරේ... ඔහේ ඔහේට ඕනී විදියට කැමති තැනකට ගිහින් ඉන්නවාකෝ.. ඇත්තටම මට තමුසේව අප්පිරියයී.. ඒකයි මන් කියන්නේ.. අන්තිමට කරන්න වෙන්නේ මට ගෙදරින් යන්න වෙන එක තමයී...""""""

මන් එහෙම කියනකොට නම් මූ ලාවට වගේ මගේ පැත්තට හැරුනා..

""""""" දැන් මන් අවුරුදු කීයක් නම් තනියම හිටියද...අනික තාත්තවත් නැතුව.."""""""

ඌ ඒක කිව්ව විදියට නම් මගේ ඇග කීන්.ගාලා ගියා.. මගේ  තාත්තා නැතුව මට ඉන්න බැරි උනා. මූ කොහොමද අම්මයි තාත්තයි දෙන්නම නැතුව ඉන්නේ.. මන් මුකුත්ම නොකිය රවලා අහක බලා ගත්තා.. ඒ වේලාව වෙනකොට අපි ඉදියේ ෆුඩ් සිටි එක ඉස්සරහ.

"""'''''' සුදූ මන් කාර් එක නවත්තලා එන්නම්..""""""

ඌ ඒක කියලා ඉවර වෙන්නත් කලින් දොර දඩාස් ගාලා සද්දෙන් වහලා එලියට බැස්සා..

මේවාන්Where stories live. Discover now