සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 02

Start from the beginning
                                    

ලවන් සඳක්ගේ හිස පිටුපසට අත්ලෙන් ගැහුවේය. ඒ සමඟම තව අත්ල පහර දෙකක් වෙනස් අත්වලින් වැදුණ ද හතර වෙනි අතකට ඔහු රිදවන්නට නොදී ආරුශ්ගේ පිට අත්ල ඔහු වෙනුවට ඒ පහරවල් විඳගත්තේය. මෘදුව ඔහුගේ හිස අතගෑව ද සඳක් ඒ අත තල්ලු කළේය.

" මොකද්ද හුත්තො ඒ කරේ? "

" යකෝ උං ඕලෙවල් ක්ලාස්වලද කොහෙද! රොත්ත පිටින් හිරේ ලග්ගවන්නද දගලන්නෙ ගොං පකයා! "

" අපේ ගමේ ආන්ටි කෙනෙකුත් හිටියා හුත්ත.. ගම කයි දැන් "

සඳක් කිසිත් නොකීවේය. ඊලඟ නැවතුමේ නවතා තිබූ බස් රථයක් දැක අඩියට දෙකට ඒ වෙත ගිය ඔහු යන්තම් අද්දන්නට පෙර දොරේ එල්ලුණේය.

" සඳක්! " ආරුශ් සුසුම් ලෑවේය. ඉදිරියට තැබූ පය ආපස්සට ගන්නට සිදු වූයේ ලවන් ඔහුගේ කරට දැමූ අත නිසාවෙනි.

" මොකද්ද බං අර පිස්සු හුකන්නට වෙලා තියෙන්නෙ? " විමසුවේ මිහිරාන් වුවද තරුණයන් සියලු දෙනා විටින් විට සඳක්ගේ මෙම හැසිරීම නිසා වික්ශිප්ත වූ අවස්ථා තිබුණි. ආරුශ් පමණක් ඒ සෑම විටෙකම නිහඩ විය.

" උදේ ඉදන් ඔලුව කැක්කුමයි ගගා හිටියෙ. සඳක්ට මිග්‍රේන් නෙ. " ඔහු සෑම විටෙකම නිදහසට කරුණු ගෙතුවේය.

මිතුරන්ගෙන් මඟහැරී තනි වන්නට උපායක් සිතමින් ඔහු දුරකථනය අතට ගත්තේය. " තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අම්මා තක්කාලි ගේන්න කිව්වනෙ. මචංලා මං එහෙනම් කැපුණා..! ෆුඩ් සිටියට දුවලා එහෙම්ම මං බයික් එක ගන්නවා උබලා ඉන්න ඕන්නෑ. "

ඔහු දිවූ ෆුඩ් සිටියක් හෝ අම්මාට ගත් තක්කාලියක් නැත. යතුරුපැදිය නවතා තිබූ රථගාල වෙත පය ඉක්මන් කළ ඔහු මිතුරන් පේන මානයේ තවදුරටත් නැති බව තහවුරු කරගෙන සඳක්ගේ අංකයට ඇමතුමක් ලබාගත්තේය.

සඳක් ඔහුගේ ඇමතුම ප්‍රතික්ෂේප කළේය. වරදක් නොකර දුශ්ටයෙක් වූ වැඩිමල් තරුණයා සිත යටින් කන්කෙදිරි ගෑවේය.

මේ වනවිට ඔහු බස් රථයෙන් බැස ඇතුවාදැයි නිගමනයකට ඒමට තැත් කළ ඔහු යතුරුපැදිය කඩිනමින් පාරට දැමුවේය. බස් රථයට ගමන් නොකලැකි කෙටි පාරවලින් සඳක් බැසීමට නියමිත නැවතුම වෙත ඉගිල්ලුණු ඔහුට අතරමඟදී හමූ වූ බසය පසුකර ගොස් බස් නැවතුම අසල නවතිනවාත් සමඟම පාහේ බසය ඔහු අසල නැවතුණි.

 බෝපතක පිනි කඳුලු ❦( MalexMale | සිංහල | Complete   )Where stories live. Discover now