ශනුද් නුහුරට දරුවාව අල්වාන දරුවා නලවන්නට උත්සහ දැරුවද ඒ කිසිවක් පලක් වූයේ නැතිය. වේගයෙන්ම දරුවා අසලට ඇවිද ආ නුඝාද් මොහොතක් හෝ පමා නොවී දරුවාව වඩා ගත්තේ දරුවාගේ හැඬිල්ල ක්‍රම ක්‍රමයෙන් සාමාන්‍ය අතට හැරෙද්දීය. ඒ එලෙස වූ ප්‍රථම වතාව නොවේය. නුඝාද් දරුවාව දුටු පළමු දිනයේත් පළමු වතාවට දරුවා වඩාගනිද්දී ඇයගේ හැඬිල්ල නතරව ගියේ ඉබේටමය.

නුඝාද්ගේ ළයට තුරුලුවී ඉකි ගසනා ඇයගේ කුඩා සිරුර විටින් විට ගැස්සෙද්දී ඔහු ළය රිදුම් දුන්නේ දරුණුවටය. තවමත් ඔහුට තමා දරුවකුගේ පියෙක් වග විටෙක අමතක වන්නේය. ඒ වගකීම ඔහුට තවම නුහුරුය. වාහනය අනතුරට ලක්වන මොහොතේදී ක්ෂණිකව ඔහුට සිහිවූ එකම එක කාරණය දරුවාය. ඉඳින් තමා නිසාවෙන් ඇයට ඇයගේ මවගේ උණුහුමත් අහිමි වී ගොසින්ය. තමාගේ වගකීම් රහිත බව නිසාවෙන් තවත් ඇයට පියාවත් අහිමි වන්නට ගොස් බේරුණේ අනූ නවයෙන්ය.

"මෙයාගෙ ඇඟ රස්නෙද?"

දරුවාගේ අමුත්තක් නුඝාද්ට ග්‍රහණය වද්දී ඔහු දරුවාගේ නළලට අත තබා පිරික්සූයේ සිතට බියක් දැනෙද්දීය.

"ඇස් දෙකත් රතුවෙලා වගේ නේ බන්? අසනීපයක්ද දන්නෑ? වෙනද ඔහොම අඬන්නෑනෙ"

එය ශෙනුද්ටත් සිතුණේ දරුවාගේ මලානික ඉරියව් පෙනෙද්දීය. කේන්තියටම නවීනුත් මවත් රෝහළේ දමා කුලී රථයක නුඝාද් පැමිණි නිසාවෙන් නිවසේ උන්නේ ශෙනූද් පමණක්ය.

"උඹේ වාහනේ තියනවා නේද ශෙනුවා?"

නුඝාද් කලබලයෙන්ම විමසන්නට වූයේ ළයට තුරුළු කරාන හිඳිනා දරුවාගේ උණුහුමත්, තෙහෙට්ටු ඉරියව්ත් ඔහු සිත බියෙන් පුරවාලද්දීය.

"ඔව් යමන්."

පමා නොවීම දරුවාත් රැගෙන නුඝාද් ඉස්සර වූයේ ශෙනුද් ඔහු පසුපසින් දුවගෙන මෙන් එද්දීය. ඉඳින් ශීත කාලයේ කටුක සීතල දරුවාට දරාගත නොහැකි වේවියැයි නුඝාද්ට සිතුණේ පිටත දොර විවර කළ මොහොතේමය.

"උඹ හරවල ගනින් මම එන්නම්."

එලෙස පවසමින් දරුවා එක් අතකින් ළයට තුරුළු කරගෙන නුඝාද් තමා හැඳ උන් ශීත කබායේ ඉදිරිපස සිපරය විවර කර දරුවා තම ළයටත් කබායටත් මැදිවන ලෙස තබා දෙපස පළු දෙක එක්කර සිපරය දැමූයේය. වෙනදාට අතපය සොලවමින් දඟලනා දරුවාගේ අද කිසිම ක්‍රියාකාරීත්වයක් නැති වද්දී එන්න එන්නම නුඝාද්ගේ සිත පිරී ගියේ අසාමාන්‍ය බියකින්ය. හිස පමණක් නිරාවරණය වන ලෙස දරුවාව ආවරණය කර හිසත් නුඝාද් අතින් ආවරණය කරගෙන කාරය වෙතට පියවර ඇහින්දේ කඩිනමින්ය.

හිරිකඩක්Where stories live. Discover now