"වැටුනොත්.?"

"එහෙම ඇදගෙන වැටෙන්නෑ මහත්තයො මහත්තයා බය නම් මාව අල්ලගන්න.."

බයික් ඒකේ පිටිපස්සෙ වාඩිවෙලා හිටපු මගෙ
අත් දෙක අරගෙන එයාගෙ ඉන මැද්දෙන් තියා ගත්තා..මේ වගේ වෙලාවට මාව සීතල් කරන් එන ඒ හැගීම...ඒ නොසන්සුන් හැගීම මොකක්ද කියල දැන දැනත් ඒ ඒක නෙමෙයි කියලා මෙච්චර කාලයක් මාවම රවට්ටගෙන ජීවත් උනා...ඇත්තටම මට ඒ හැගීම එන්නෙ කොල්ලෙක් ලගදි විතරමද ?

ටිකෙන් ටික ගුරු පාර දිගේ ඉස්සරහට යනකොට වෙනස් වෙන වෙන ගස් දිහා මන් බලාගෙන...කොලබදි නම් මේ වගේ ලොකු ගස් කොහ්වත් දකින්න බෑ මෙහෙ නම්හැමතැනම..මේ විදිය හරිම වෙනස් මන් ඒකට ගොඩක් ආසයි...අම්මල නම් කියන්නෙ ගම් හරිම මූසලයි කියලා ඒත් මටනම් මේ තමයි ජීවිතේ....busy කොලබ කියන්නෙම මට නම් අපායක් ඒ උනාට ගොඩක් එවුන්ගෙ පට්ට ජීවිතේ...

මන් ඉස්සරහ side කන්නඩියෙන් බලන් උන්නෙ මේ ආගන්තුක කොල්ලගෙ නිලට හුරු ඇස් දිහා ඇත්තටම ඒවා ලස්සනයි...මූදක් වගේ..වැවක් අහසක් ??ඒ ඔක්කොම වගේ..

"මහත්තය කොහෙද මේ ඈත ගම්පලාතක..පෙනුමෙන් නම් මෙච්චර කාලෙකට මෙහෙ උන්නා වගේ පෙන්නෙ නම් නෑ..ඇදුම් දැක්කම නම් අනිවා කියන්න පුලුවන්..."

අහ්..මේ මිනිහා දැක්කද මන්දා මන් ඒකාගෙ මූන දිහා බලන් ඉන්නවා..හයියෝ ලැජ්ජාව...කන්න වගේ බලන් ඉන්නවා වගේ දැක්කද දන්නෑ..

"අහ් නෑනෙ..මන් කොලබ මට ගුරු පත්වීම හම්බුනේ මෙහෙට නෙ...මේ ගමේ ඉස්කෝලෙට.."

"මගේ නන්ගිත් මේ ගමේ ඉස්කෝලෙට නෙ යන්නෙ පොඩිසර්.මන් නම් ගොඩක් කල් ඉස්කෝලෙ ගියෙත් නෑ..අම්මව නැති නන්ගිව බලාගන්න උන නිසා ඉස්කෝල ගමන පොඩිකාලෙම නැති උනා.."

අපිට මොන ප්‍රශ්නද..

"පොඩිසර්ගෙත් පලවෙනි පත්විම නිසා වෙන්නැති දුර දුන්නෙ..ගොඩක් ගුරුවරු එනවා එයාලගෙ පලවෙනි පත්වීම අරන් මෙහෙට..ආසවෙන් නෙමේ එන්නෙ ඊට පස්සෙ ඉක්මනට පත්වීම මාරු කරන් යනවා.."

මේ මනුස්සයට ඉතින් කිව්වත් වැඩක් නෑ මන් මේක ඉල්ලගෙනමයි ආවෙ කියලා...එහෙ සැප දාල මෙහෙ ආවෙ ඇයි අහයි..

"මන් ඊට වෙනස්.."

"එහෙම උනොත් හොදා පොඩිසර්..මාත් ආසයි නන්ගි ඉගෙන ගන්නවා බලන්න.."

"හැම ගුරුවරයෙක්ම එක වගේ නෙමේනෙ..අනික..මට පොඩි සර් ගාන්න එපා..මගෙ නම තිසෙව්..."

"එහෙම නමින් කතාකලාට කමක් නැද්ද පොඩි සර්.."

"නම තියෙන්නෙ කතාකරන්නනෙ...එතකොට ඔයාගෙ.."

"නමවත් දන්නැති කෙනෙක් එක්ක මෙහෙම යන්න සර්ට බය නැද්ද තිසෙව් සර්.."

"මට තව බය වෙන්න දෙයක් ඉතුරු වෙලත් නෑ..අනික ඔයා මාව දාගෙන ආවෙත් මගෙ නම නොදැනනෙ...ඉතින් ඔයාගෙ නම මොකක්ද ?.."

"මගෙ නම ගගන වයස 25යි.."

"අහ් එහෙනම් මට වෙන්නෙ ගගන මාමා.."

"ඇයි ඒ.."

"මට 23 යි නෙ.."

"මට තේරුනේ නෑ.."

"ඒක විහිලුවක් මිනිහෝ..😹😹"

"ආහ්..හොද විහිලුව..."

"ඔයාට මොකක් කියලද ඉතින් කතා කරන්නෙ.."

"ඕන එකක් ඉතින්.."

"ගගන අයියා හොදයි නේ..මට තිසෙව් මල්ලි කියන්න..කවදාවත් අයියෙක් හිටපු නැති එකේ අයියා කියලා කාටහරි කතා කරන්න තියේ නම් හොදයි..."

"එහෙම හොදයි..දැන් මන් එතකොට දෙන්නෙක්ට අයියෙක් ද 😹.."

*****************************************

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

*****************************************

A.N.

තිසෙව් : තිසෙව් කියන්නෙ කොලබ පවුලක හැදී වැඩුනු සල්ලිකාර කොල්ලෙක්..ම්ම්...සල්ලිකාර...ඒ වුනාට ඒ ලමයට කවදාවත් දෙමාපියන්ගෙන් ආදරේ කියන දේ හම්බුනේ නෑ...හමුදාවෙ කපිතාන් කෙනෙක් උන තාත්තයි ඒ වගේම උන අම්මගෙයි හමුදා නීති වලටම පොඩි කාලෙ ඉදන් හැදුනු ලමෙක්...ලමෙක් කියන්නත් තිසෙව් ට ලමා කාලයක් තිබුනද කියලා හිතාගන්නවත් බෑ

ගගන: ගගන කියන්නෙ පොඩිකාලෙම නන්ගිගෙ බර කරට ගත්ත කොල්ලෙක්...ඒ ලමයටත් සාමාන්‍ය ලමාකාලයක් තිබුනෙ නැති තරන්...

( මට ඉතින් මේක ගැන පොඩි අදහසක් ,අඩුපාඩු තියේ නම් ඒවා කියන් යන්න )

We don't know what we are doing Where stories live. Discover now