නපුරුකමේ හතලිස් හත්වැන්න

1.8K 274 54
                                    

න පු රු ඇ ස්

..

..

..

මගේ පැටියට දැන් මොනවද එතකොට ඕනේ...

ආම්... චොකලට් මිල්ක්ශේක් එකක් නම් බොන්න ආස හිතෙනවා...

ඒක තමයි මටත් ආස හිතෙනවා..

ඇයි බොටද බබා හම්බෙන්න ඉන්නේ...

ආයීශ්.. ගගා.. ඔයාගෙ මිනිහට පැහැදිලි කරන්න අප්පා ටිකක් මේ ගැන.. හුහ්.. මාත් කෙඩෙක්නේ.. මටත් එක එක ජාතියේ කෑම බීම කන්න බොන්න ඕන වෙනවා...

අනේ ඉතින්.. ඇත්තටම මේ දෙන්නගෙ කටවල් නිසා නම් ශාන්ගෙ කන් දෙකට වෙලාවකට හරිම වදයක්.. කොයි වෙලේ බැරිනම් වචනයක් එහේ මෙහේ වෙන්න බෑ දෙන්නා කෙස්වලු පටල ගන්නවා..

මොනවා උනත් යීබෝ ශාන්ව අවුස්සලා මැරුම් කන්න බැරි නිසා දැන් ලස්සනට සේන්ව අවුස්සනවා.. ඒ කොල්ලත් අනේ මන්දා ඉල්ලන් කනවා.. ඊටපස්සෙ මූණ පස්ස පැත්ත කරගෙන ඉද්දි ශාන්ම ඕනේ දෙන්නව යාලු කර ගන්න..

ඔන්න ඔහේ එයාටත් ගෙනල්ලා දෙන්නකෝ හබීයෝ.. එයා ඉතින් ආස නිසානේ ඉල්ලන්නේ...

හුහ්.. මහ විසාල කරදරයක් උනානෙ දැන් මේක.. හාවෝ දෙන්නෙක් සහේට ගත්තා වගේ වැඩක් මට උනේ.. විකාර..

ඒක යකඩෝ.. යීබෝටත් දැන් ලස්සනට ගස්සන්න පුළුවන්.. සේන්ට රවලා ගස්සලා ගියාට මොකද කාමරෙන් එලියට යද්දිම යීබෝ හිනා උනා....

හුහ්.. මහ නරියෙක් ඔයාගෙ මිනිහා...

අනේ මේහ්.. මොකට කියනවද චූටී ඒක.. කෝ එන්න ඔලුව අතගාන්න....

එපා අප්පා.. ඔයාට අමාරුයි...

මට දැන් ඇති අමාරුවක් නෑ අප්පා... ඔලුවෙ බැන්ඩේජ් එකත් ගැලෙව්වා අනේ.. දැන් ඇවිදලා කරලා පරිස්සමෙන් ඉන්න කියලනෙ කිව්වේ... මතක නැද්ද...

මතකයි.. එහෙනම් අපි ගාඩ්න් එකට යන්.. කාමරේ අස්සෙම ඉන්න පොඩි උන් ආස නෑ අප්පා...

සේන් ඇදෙන් නැගිටලා ශාන්ගෙ අතකිනුත් ඇදලා යන්න කතා කරනවා... ශාන්ට දුක හිතුනා . පොඩි උන් කාමරේ ඉන්න ආස නෑ කියලා සේන් කියන්න ඇත්තෙ එයාගෙ පුංචි කාලේ කාමරයක් අස්සෙම ගෙවුන නිසා වෙන්නැති.. අනේ එයා කොච්චර තනි වෙලා ඉන්න ඇතිද..

༺ නපුරු  ඇස් ༻                          ✓ ⓎⒾⓏⒽⒶⓃ ✓Where stories live. Discover now