නපුරුකමේ හතලිස් හතරවැන්න

1.8K 296 73
                                    

න පු රු ඇ ස්

..

..

..

..

එයා එහෙම මූණ කවර් කරන් ඉන්නෙ ඇයි බෝබෝ...ම්ම්ම්...

ඒක අපි එයාගෙන්ම අහමු නේද මැණික..

යීබෝ ඉන්න විදිය මදක් වත් වෙනස් නොකර ශාන්ගෙ උරහිසේ ඉදන්ම කයිය..

සේන්ට නම් දරා ගන්න අමාරුයි.. එයා මේ අවස්තාව ලැබෙන කල් ගොඩක් දවස් බලන් ඉදියා.. ගොඩාක් දුක් ඉවසුවා.. ගොඩාක් ඇඩුවා.. ඇඩිල්ල ඉවර නෑ කොල්ලා තවමත් අඩනවා කාටවත් නොපෙනුනාට..

සේන්.. එන්න ඉතින්...

යීබෝ ශාන්ව පිටුපසින් තුරුල් කරගෙනම සේන්ට අතින් අඩ ගැහුවා.. වන්ග් සේන්ව තල්ලු කරන් ශාන් ඉන්න ඇද ලගට එද්දි ශාන් වචනයක් වත් කතා නොකර එයාගෙ පිස්සුවෙන් වගේ ගැහෙන හදවතට තරවටු කරමින් බලන් උන්නා...

ඔන්න අපේ ශාන් මැණිකට අලුත් යාලුවෙක් එක්කන් ආවා...

අවසානෙදි ශාන් ඉන්න හරියටම වන්ග් සේන්ව එක්ක ඇවිල්ලා රෝද පුටුව නතර කරලා කතා කරේ... ශාන් එක තප්පරේකටවත් සේන්ගෙ ලගින් ඇස් අහකට ගත්තෙ නෑ...

සේන් වචනයක් වත් කතා කරේ නෑ.. කලු පාට කන්නාඩි දෙකෙන් එක එල්ලේම එයා ශාන් දිහාම බලන් ඉදියා.. එයාට ඕන උනේ ඒකනේ... ශාන් දිහා බලන් ඉන්න.. ශාන් එක්ක කතා කරන්න.. ශාන්ට තුරුල් වෙන්න... සේන් පලවෙනි අඩිය ඉස්සරහට තියලා ඉවරයි දැන්...

පපා.. සේන්වත් මේ ඇදට නග්ගන්නකෝ.. ඊටපස්සෙ ඔයා මන් ශාන්ට හේත්තු වෙලා ඉන්නවා වගේ එයාට හේත්තු වෙන්න.. එතකොට එයාට අමාරු නෑ...

ම්ම්ම්.. හරි හරි

යීබෝ හා වන්ග් විතරයි කතා කරන්නෙ.. අවුරුදු විසි පහක් වෙන් වෙලා උන්න සහෝදරයො දෙන්නා කිසිම වෙලාවක කතා කරේ නෑ.. ශාන්ට සේන්ගේ මූණ නොපෙනුනත් ශාන් සේන් දිහාම බලන් උන්නා...

අහ්ම්ම්... ආව්ව්....

පරිස්සමෙන්..

ම්ම්.. එක පාරටම ඇදෙන් වාඩි වෙද්දි සේන්ට දැනුනෙ එයාගෙ බඩේ මැහුම් ගැලවිලා යනවා වගේ.. මැහුම් ඇදුනද මන්දා.. ඒත් ශාන් ඉක්මනින් සේන්ගෙ අතකින් අල්ලන් සේන්ට වාඩි වෙන්න පහසු කරද්දි යීබෝගේ නම් ඇස් වලට කදුළු ඉනුවා... වන්ග් ට නම් මේ සිද්දිය බලන් ඉන්න බෑ... කොහොමත් ඇඩෙයි කියලා එයා දන්නවා..

༺ නපුරු  ඇස් ༻                          ✓ ⓎⒾⓏⒽⒶⓃ ✓Where stories live. Discover now