නපුරුකමේ එකොළොස්වැන්න

2.3K 386 196
                                    

න පු රු ඇ ස්

..

..

..

නපුරු දෙනෙතින් බලා
රැව්වත් ඔබ මා දෙස බලා
කුමක් හෝ යමක් ඇත
ඔය දෙනෙතේ ලියවිලා

..

..

..

කෝ යකෝ මූ...

ශාන්...

ඒ තමුසෙ ඉන්නවද...

කෝ නෑනේ....

යීබෝ.. අලුත් ගෙදරට ශාන් එක්ක ඇවිල්ලා දැන් නම් පැයකට වැඩියි.. උදේ ඉදන්ම අවදි වෙලා ලොකු වැඩ රාජකාරි ගොඩාක් අවසන් කර ගත්තනේ..

එහාට මෙහාට දුවලා ලක ලෑස්ති වෙලා අන්තිමට කසාදත් බැදලා එක එකා එක්ක කියෝලා ඉතින් අද මහන්සියි..

තවම මන් හිතන්නෙ හවස හයට වත් නෑ.. කොහොමත් හෙට නිවාඩු දවස.. ඒ නිසා හොද නින්දක් දාන්න පුළුවන්..

ඉතින් ගෙදර ඇවිල්ලා මහන්සි නිසාම දෙන්නා කාමර දෙකකට ගිහින් වොශ් දැම්මේ.. ශාන් නම් ආව ගමන් එයාලගෙ උඩ තට්ටුවෙ කාමරේ වොශ් රූම් එකට යීබෝටත් කලින්ම රිංග ගත්ත නිසා යීබෝ ශාන්ටත් රවලා අනිත් රූම් එකට ගියා...

ඉතින් කොල්ලා පැයක් විතර නාලා සැහැල්ලු ශෝටක් ඇදලා ටී ශර්ට් එකක් ගහන් සෙරප්පු දෙකකුත් දාගෙන ඔලුවෙ වතුර ටිකත් අතින් කොන්ඩෙ අවුල් කරන් එහෙට මෙහෙට විසික් කරන ගමන් තමයි ශාන්ව හොයාගන්න කාමරේට ආවේ...

ඇයි වදේ බඩත් ගිනී.. මගුල දවස කියන්නේ නොසෑහෙන්න වියදම් කරලා තමන් බත් හිම්බිජ්ජක් කන එකනෙ.. අන්තිමට කාලාවත් නෑ හැබැයි වියදම් කරලා...

රෑට කන්න කඩේකින් මොනවා හරි ගේන්න වෙනවා.. අද නම් කොහේවත් යන්න ඕන්නෑ යීබෝට ඕනේ කට කපලා නිදියන්න...

ඒත් කෝ මේ කසාද බැන්ද මිනිහා.. ඒකා ආගිය අතක් නෑනේ...

මේකා පැනලා වත් ගියාද...

ඔහ් නෝ.. මූ දුකට සූසයිඩ් වත් කරගෙනද...

නෑහ් වෙන්න බෑ... ඌ ඉතින් උගේ අම්මට තාත්තට පට්ට ලව්නේ...

༺ නපුරු  ඇස් ༻                          ✓ ⓎⒾⓏⒽⒶⓃ ✓Where stories live. Discover now