නපුරුකමේ නව වැන්න

2.1K 362 134
                                    

න පු රු ඇ ස්

..

..

..

ඔබ කිමද රවන්නෙ මෙමට..
කුමක්ද මා කරපු වරද නුඹට..
නෑ මනාපයක් මාහටද මෙයට..
කුමක් කරන්නද විකල්ප නෑ මට..

..

..

..

දිනෙන් දින ගෙවිලා ගියේ නම් පුදුමාකාර වේගයකින්... වෙලාවකට ශාන්ට හිතුනා ඔරලෝසුව ඇයි මෙච්චර වේගවත් කියලා..

වෙලාව වේගයෙන් යන එක අහන්නත් දෙයක්ද කියලා හිතෙන්නෙ ශාන් දවස් පහක් ශියාඕ එක්කම මේ රෝහලේ.. දවල්ට ඔෆිස් දුවනවා.. හවස ආයෙමත් ගෙදර ගිහින් රෑට හොස්පිටල් එකේ නවතිනවා.. රෑට සැටියට වැටිලා ඔහේ නිදා ගන්නවා.. ආයේ උදේ ශියාඕට කවලා බෙහෙත් දීලා වැඩට දුවනවා..

ඉතින් ශියාඕ ගෙදර එක්කන් ඇවිල්ලත් දැන් දවස් හතරක්.. ඒ එක්ක ආවා කියලා නෑ ශාන්ට ශියාඕ වෙනුවෙන් කරන්න රාජකාරි බොහෝමයි.. ඉතින් කොල්ලට කිසි විවේකයක් නම් ආසාවට වත් නෑ...

ඇත්තටම ශාන් ඕනාවටත් වඩා මහන්සි උනා.. කෙනෙක් මහන්සි වෙද්දි කාර්‍යබහුල වෙද්දි එයාට පුළුවන් එයාගෙ හිතේ තියන දුක ගොඩාක් දුරට අඩු කර ගන්න... ඉතින් කොල්ලා කරේම ඩෑඩ් ගැන හිත හිත මහන්සි උන එක...

ඒ අතරේ යීබෝ....

තමුසෙලා කියන්නෙ මේ වැඩේ දැන් මට කරන්න කියලද ආ.....

ඕ..සර්.. නෑ සර්..

ඕ සර් නෑ සර් තමයි.. තමුසෙලව වැඩට අරන් පඩියකුත් ගෙවලා මෙතන තියා ගන්නෙ මට නිකන් ඉන්න බැරුව කියලා හිතුවද.. කැසිල්ල නෑ අයිසේ මට.. වැඩක් දුන්නාම ඒක හරියට කරනවා ඕයී.. තමුසෙලත් බලන් ගියාම මොන්ඩිසෝරි ළමයි වගේනෙ...

හ..හරි සර්...

හැමදාම වගේ යීබෝ අදත් ඔෆිස් එකේ කෑ ගහනවා.. ඒ කටට ඉතින් නිවනක් කොයින්ද .. කොයි වෙලේ බැරි නම් යක්සාවේස වෙලා කෑ ගහනවා.. වැඩේ කියන්නෙ බොස්ගෙ හැටි දැන දැනත් මේ මිනිස්සු වැරදි කරන එකනෙ...

හැබැයි යීබෝ මේ නිස්කාරනේ නෙවෙයි කෑ ගහන්නෙ.. ඇත්තටම සේවකයෙක්ගෙන් වෙච්ච නොසැලකිලිමත් කමකට.. කොහොමත් රෑට බීලා පිස්සු නැටුවත් යීබෝට ඕනේ ඔෆිස් එකේ වැඩ නම් නීට් එකට.. ඒ නිසා යීබෝ කොයි වෙලාවක වත් අසාර්ථක බොස් කෙනෙක් නෙවෙයි..

༺ නපුරු  ඇස් ༻                          ✓ ⓎⒾⓏⒽⒶⓃ ✓Where stories live. Discover now