ආයිමත් දවසක....47 ( අවසන් කොටස...)

Start from the beginning
                                    

බිනර එයාගෙ දකුනු පැත්තෙන් එයා ලගට වෙලා ඉද්දි චලන එයාගෙ අනික් පැත්තෙන් යශිරගෙ උරහිසට ගෑවෙන්න වාඩි වෙලා ඉදියා...

වෙඩින් එකේ වැඩ ඔක්කොම.ඉවර කරලා සහස් කවීව කිස් කරද්දි හැමෝම හයියෙත් අත්පුඩි ගහන්න ගද්දි යශිර ඒ සෙනගත් එක්කම.පුටුවෙන් නැගිටලා අත්පුඩි ගහන්න  ගත්තේ  ඒ දෙන්නගෙ ආදරේට මේ වගේ ලස්ස්න අවසානයක් තමා සුදුසුම කියලා හිතෙන් කියන ගමන්...

"එහෙනම් ඔන්න අපි බැන්දා..."

කවී කටකාර විදිහට යශිරට ලන් වෙලා කියද්දි සහස් මොකුත්ම නොකියා හිනා උනේ ඇස් වල සතුට පුරෝගෙන...

"ඊලගට උබල තුන් දෙනා තමා...."

කවී කියද්දි යශිර බිනරගෙ අත තද කරලා අල්ල ගත්තෙ බිනර එයා දිහා හැරිලා බලද්දි....

"හරි මේ උබල තුන් දෙනා එන්ජෝයි කරපල්ලා අපි අකින් අයත් එක්ක කතා කරලා එන්නම්... "

"හරි බන්..."

යශිර කිව්වෙ එයාලගෙ එහා පැත්තෙ ඉදන් සහස්ගෙ ලොකු අයිය  එක්ක කතා කරන චලන දිහා බලන්...

"සුදූ.... "

"මොකෝ උනේ...."

"ඇයි මන් හොදින්..."

"එහෙනම් මගෙ අත මිරිකුවෙ...."

"ආහ් නිකන් අනේ සොරි.."

" නිකන් වෙන්න බෑ..."

එතකොටම  එතනට ආපු චලනත් කතාවට එකතු උනේ යශිරගෙ ඉන වගේ අත දාල පිටිපස්සෙන් යශිරව තුරුල් කරගන්න ගමන්...

" මොකද්ද දෙන්නගෙ බර කතාව..."

"කවුද බන් දන්නෙ මේක කියන්නෙ  නෑනෙ..."

බිනර කියද්දි චලන යශිරව තව ටිකක් ඇවිස්සුවා..

"මොකද්ද සුදූ කියන්නෙ ..."

"අනේ නෑ අනේ මෙයාට පිස්සු..."

"උබ අදද දන්නෙ මට පිස්සු කියලා මෝඩ කොල්ලො කියනව  මොකද්ද හිතේ හිර කරන් ඉන්නෙ..."

බිනර යශිරගෙ නහය මිරිකන ගමන් කියද්දි යශිර මූන පැත්තකට හැරෙව්වා...

"නෑ මේ..."

"ඔව්... කියන්න..."

"අපිත්... දවසක...."

" ඉතිනි කියල ඉවර කරනවකො ..."

බිනර කියද්දි යශිර කතා කරන්න ගත්තා...

"මටත් ඔය දෙන්නව කසාද බදින්න ඕනි...."

යශිර මූන රතු කරන් කියද්දි චලනටත් දැනුනෙ එයාගෙ හදවත ගැහෙන වේගෙ එක පාරටම වෙනස් උනා වගේ...

ඒත් එක්කම නොහිතපු විදිහට බිනර යශිරගෙ කම්බුලකින් පරිස්සමෙන් අල්ලගෙන යශිරව කිස් කරේ චලන යශිරගෙ  පිටිපස්සෙන් ඈත් වෙද්දි...

"මටත් ඕනි සුදූ මටත් ඕනි... උබල දෙන්නව මට මේ වගේම ලස්ස්න තැනක මගෙම කරගන්න ඕනි හැමෝටම පේන්න..."

බිනර කියන ගමන් චලන දිහා බැලුවෙ හරියට ඒයාගෙ අදහස මොකද්ද අහන්න වගේ....

"මටත් ඕනි..."

වෙනද වගේම චලනගෙ කෙටි උත්තයත් එක්ක බිනර තුන් දෙනාවම එකට තුරුල් කර ගනිද්දි යශිර ලොකු හුස්මක් හෙලන ගමන් ඈතින් පේන නිල් පාටින් හැඩ උන අහස දිහා බලාගෙන කල්පනා කරේ ආයිමත් දවසක ආදරය එනකම් මග බලාගෙන ඉදපු අතීතය මේ මොහොතෙ ඉදන් ඉවරයි කියලා ..මොකද ආයිමත් දවසක් වෙනුවෙන් එයාට තවත් බලන් ඉන්න හේතුවක් නැති නිසා... එයාගෙ ආදරය එයා බලාපොරොත්තු උනාටත් වඩා ආදරය පුරවගෙන එයාගෙ ලගට ඇවිල්ල නතර වෙලා තියන නිසා...

නිමි.

එහෙනම් ඔන්න මේ කතාවත් ඉවරයි.ගොඩක් අයට මේ කතාව විකාරයක් වෙන්න පුලුවන් ඒත් මන් හිතනව ආදරය කියන දේ මේක මෙහෙමයි කියලා වචන ටිකකින් කියලා රාමුවකට හිර කරන්න පුලුවන් දෙයක් නෙවෙයි කියලා සමහරු කියයි මෙහෙම ආදර කතා තියෙන්නෙ කතා වල විතරයි මේව හරියන්නෙ නෑ ගැලපෙන්නෙ නෑකුයලා ඒත් ටිකක් ලෝකය දිහා බලන්න මෙහෙම ආදර කතා ලෝකෙ ඕනි තරම් තියනවා ඉස්සරත් තිබ්බ අදත් තියේවි හෙටත් තියේවි.. බිනරලා චලනලා යශිරලා අපි මොනව හිතුවත් ආදරේ කරාවි එයාලගෙ හීන වලට යාවි අන්තිමට ආදරය විතරක් දිනාවි.....

එහෙනම් අදත් කියන්නෙ හිතට දැනුන  දේ වචනයකින් කියලා යන්න කියලා විතරමයි..එහෙනම්මන් ගිහිල්ල එන්නම්
මන් ඔයාලගෙ ලසලු( සිහින).

You've reached the end of published parts.

⏰ Last updated: Oct 05, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

ආයිමත් දවසක .Where stories live. Discover now