ආයිමත් දවසක....47 ( අවසන් කොටස...)

Start from the beginning
                                    

" සුදූ.. ඔයා ලෑස්ති නැද්ද තාම අපිට යන්නත් වෙලා යනවනෙ...."

බිනර සාලෙ ඉදන් කිව්වෙ එයාගෙ ඇදුමෙ අඩුපාඩු හදන චලනගෙ කොන්ඩෙ අතින් හදන ගමන්...

" පොඩ්ඩක් ඉන්න ඉතින් මෙහෙම යන්න පුලුවන්ද බලනව මගෙ ඇග පුරාම මාක්.. බෙල්ල ලග වත් කවර් කරගන්න එපෑ...."

"ඕනි නෑ මෙහෙ එනවා..."

"මිනිස්සු දැක්කොත් එහෙම..."

"මිනිස්සු දැකපුවාවෙ මෙන්න මෙහෙ වරෙන්..."

චලන යශිරගෙ අතේ තිබ්බ ෆවුන්ඩේහන් එක පැත්තක තියලා යාහිරට ටයි එක දාල ඇවුම හදල ඉවර කරා...

" මේ බලනව චලනගෙ බෙල්ලෙත් තියෙන්නෙ කෝ චලන ඒව වහගන්නෙ නෑනෙ..අනික මේ මගෙ බෙල්ලෙත් තියාවා."

බිනර චලනගෙ බෙල්ලෙ පැත්තක වෙන්න තිබ්බ රතු පාර බයිට් මාක් එක පෙන්නන ගමන් කියද්දි යශිර ඔරවන ගමන් බිනරට බනින්ම ගත්තා...

"බිනර අයියගෙ ටිකයි..බලනව මගෙ බෙල්ල හැම තැනම රතු පාට මාක්.. දෙන්න එක්ක තරගෙට මාව හපලා දැන් එනව එක එක ඒව කියාගෙන..."

යශිර අත් දෙක එකට බැදගෙන කියද්දි එයා ඉස්සාරහ ඉදන් යශිරගෙ ඇදුමෙ අඩුපාඩු හදල ඉවර උන චලන යශිරගෙ තොල් උඩ යාන්තමින් හාදුවක් තිබ්බෙ කියාගන්න බැරි තරම් ආදරේකින්...

" ලස්සනයි...දැන්..."

යශිරගෙ ඉන වගේ අත දාආ එයාගෙ ලගට ඇදල අරන් චලන කියලා ඊලගට බිනර දිහා බැලුවා...

"කොහොම උනත් මන් සුදූගෙ පැත්තෙ.. උබ ඩ්‍රැකියුලා වගේ බෙල්ල හපන එක නම් අඩු කරපන් බිනර සිරාවටම අපි දෙන්නට කොලර් නැති ඇදුමක්  ඇදන් පාරෙ යන්න බෑ උබේ වැඩ නිසා...."

" අනේ ඉතින් ආදරේටනෙ බන්... හරි හරි දෙන්නම මට බනින්න පස්සෙ අපි දැන් යමු නැත්තම් පරක්කු වෙනවා..."

බිනර චලගෙයි යශිරගෙයි මැද්දට ඇවිල්ල දෙනගෙම ඉන වටේ අත දාල් එයාට ලන් කරගෙන දෙනගෙම නලල හාදු දෙකක් තියන ගමන් කිව්ව...

...................................................................

එයාලගෙ ඉස්සරහ තියන වේදිකාවෙ මල් සැරසිලි  මැද්දෙ කවී සහස් එක්ක ලා නිල් පාට වගේම තද නිල් පාට ෆුල් කිට් දෙකකින් ගැඩ වෙලා මුදු මාරු කරගනිද්දි යශිර ඒ දිහා ආසාවෙන් බලන් ඉදියා...

You've reached the end of published parts.

⏰ Last updated: Oct 05, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

ආයිමත් දවසක .Where stories live. Discover now