මල් උයන

Beginne am Anfang
                                    

පොරොන්දු වෙනවා ඔබේ නමින් ඉපද ඔබේ නමින්ම මිය යන්න.... පිටස්තර ස්පර්ශයක්වත් නොලබා ඔබේ නමටම ලියැවෙන්න.....

හිතින් මටම පොරොන්දු උන මං හෙමින් යහනෙන් බැස්සා.... ඊයේ රාත්‍රිය කොයි තරම් සරාගිකයිද කියන්න බිම පුරාවටමත් මල් පෙති විසිරිලා ගිහින් තියෙද්දී දැනුන කෝල කමත් එක්කම මං යහන් ගැබෙන් එළියට ආවා...

තවමත් මගේ නිරුවත වැහුවේ සිනිඳු රතු පැහැ සේද සලුවක් වෙද්දී මං රන් දෙවොලේ පිටුපස දොරෙන් හෙමීට එළියට ආවා..... තවමත් ඉර සම්පූර්ණෙන් පායලා නොතිබුනත් ලාවට ඉර එළිය ගස් අතරින් පෙරි පෙරී වැටෙන ගමන් තිබුනා.. ඊයේ රැය පුරාවටම තිබුන සිහින් පොද වැස්සෙන් ඉතුරු උන තුෂර බිඳු වලට ඉර එළිය වැටිලා රත්තරන් පාටින් දිලිසෙද්දී මං හෙමින් හෙමින් අඩිය තිය තිය දිය ඇල්ල දිහාට ඇදුනා....

සුවඳයි... මුලු දේවාල බිමම මල් සුවඳයි.. වටේම තියෙන පොකුණු වල නෙලුම් මල් පිරිලා තියෙද්දී හැම ගහකම මල් පිරිලා තිබුනා... පුංචි පුංචි කුරුල්ලන්ගේ හඬ තැනින් තැන ඇහෙද්දී මං පාසි බැඳුන ගල් උඩින් හෙමින් අඩිය තියන ගමන් දියපාර ලඟට ගියා.....

සීතලයි... ඒත් උදේම පිරිසිදු වෙන එක මට චාරිත්‍රයක් වෙද්දී මං ඒ සීතල දිය පාරට අඩිය තියලා බැස්සා... මුලු ඇගම සීතලින් වෙලිලා ගියත් ඒ එක්කම ඇගට පුදුම සනීපයක් දැනෙද්දී මං උදේම ඒ දිය පොකුණේ ගිලිලා නෑවා....

දුහුල් රතු සලුව ඇගටම ඇලිලා ගිහින් නිරුවතේ සියුම් රේඛා බේරිලා පෙනුනත් මේ භූමියේ ඉන්නේ මාත් ඔහුත් විතරක් නිසා මං හොඳින් නාගත්තා...

ටික වෙලාවක් යද්දී මං නනා හිටිය වතුර පොකුණ සම්පූර්ණෙන් මල් පෙති වලින් වහගනිද්දී මගේ මූණට හිනාවක් ආවා... එහෙම කරන්න ඉන්නේ ඉතින් වෙන කවුද ඔහු මිසක්....

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.
දේව්දාස් || Wo Geschichten leben. Entdecke jetzt