පපුව මැද්දෑවෙන්ම ආ හීන් ඉකියක් හිර කරගත් රං මැණිකා වෙල්යායේ සුවඳැල් හාලේ පුසුඹ ද,ගංගොඩැල්ලේ රොන් මඩේ පුසුඹද, වෙලී ආ මඳ පවනට තමන්ගේ මුළු සරීරෙන්ම ගත් සුසුමක් පිට කර හැරියේ,තවත් උණු කඳුළක් දෙකොපුල් මතින් බස්සවා අලුයමටද පූඡා කරමය..
අවුරුදු කීපයකට කලියෙන් යම් දිනක සිටි රං මැණිකා,මේ ගම් පියසට බඩ ගෑවේ කුස තුළ දරු ගැබක්ද හොවාගෙනමය..සීවලී මැණිකා හා ඇය තම ගමෙන් බඩ ගාගෙන ආවේ මහා මූකලාන රාස්ස කැල අස්සෙන් වුවද,ඇයට ඒවා පිරික්සන්නට මහා වෙලා නොවුණි..දරු ගැබත් අනෙක් අතින් තදකර ගත් ඕ,අනෙක් අතින් හයිය දණ්ඩක් අල්වාගෙන පා තබන්නට විය..රං මැණිකාට තමන්ගේම වීර්යය ආවර්ඡනය විය..රං මැණිකා වට්ටක්කා ගැට පහ හයකට අත මාරු කරගත් අලුත්ම රතු කහ වෛවර්ණ පැදුරු කඩමාල්ල අද වන විට පැහැය වියැකුනු ඡරා ඡීර්ණ වී දුම්මල කහටද ගත් යටින් එකයි,උඩින් එකයි පන් කෑලි ඇබරුණු පැදුර අමුම අමු කඩමාල්ලක්ම බඳු විය...
තම අතීත ගම් පියසේ තමා,අම්මා,නඟා,අත්තම්මා,අප්පච්චි ලෙසින් සතුටු සිතින් ගෙවූ කාලය රං මැණිකාට වෙල්යායේ හාල් ඇටය,රොන්මඩ එක්වෙච්චි පුසුඹ ඇගේ මතක අවුස්සන්නට විය..යළි යළිත් ගිනි පුළිඟු සේ පුපුරු ගසන ඇගේ වේදනා බරිත ඡීවන අන්දරය ඕ සිතින් මෙනෙහි කළාය..සීවලියගේ අප්පච්චි වූ ඒ ගරු උත්තමයන් පිළිබඳව ඇය ගෞරවාන්විත හදින් මෙනෙහි කළාය..ඕ දැන උන් සෑම පුරුෂයාම වැදගැම්මකට නැති,කෙසඟ සරීර වලින් යුක්ත ඇදී ගිය අයෙකු වන කොට,ඇය ඔහුව පළමු වරට,ගාම්භීර,ආඩම්බරකාර,පුරුෂයෙකු ලෙස දැක්කා පමණක් නොව ඔහුව තම හදවතේම පැළ පැදියම් කළ ගත්තාය..
කල්ප කාලයක් ගියත් ඇගේ ගෑනු සිත ඔහුටම සින්න විණි..ඇගේ පළමු අයිතිය පමණකුදු නොව අවසන් අයිතිය වුව ඇය එදින ඔහුටම පවරා තිබිණි..වියැකී ගිය පැදුරු කඩමාල්ලේ ඒ අතට මේ අතට හැරෙමින් සුව නින්දක් සොයන තවමද ගලේ ගැහුවා සේ නිදා සිටින ඇගේ එකම වස්තුව දෙස රං මැණිකා කඳුළු උනන නෙතඟින් බලා හිඳයාය..ඇගේ ගෙලෙහි වම් පසට වන්නට පිහිටා තිබුණු උපත් ලපය රං මැණිකාගේ නිනව්වක් නැති ආවර්ඡනයන්වල තනිකරන්නට විය..
![](https://img.wattpad.com/cover/350843950-288-k701120.jpg)
ගොළු හදවත 04
Start from the beginning