ආයිමත් දවසක...45

Start from the beginning
                                    

එයාගෙ ඉස්සරහින්  ගලාගෙන යන ගග දිහා බලාගෙනම යශිර ෆෝන් එක කනේ තියන් ඉදියෙ කොයි වෙලේ කවී කෝල් එක ආන්සර් කරයිද  කියලා හිත හිත...

"හලෝ...කවුද මේ.."

කවීගෙ  කටහඩ වෙනුවට සහස්ගෙ කට හඩ ෆෝන් එකෙන් ඇහෙද්දි යශිර ගැස්සිලා ගියත් යශිර ඒක එච්චර එලියට පේන්න නොදී කතා කරා...

" කවී ඉන්නවද...."

"ම්ම්ම්.. කවීනම් බාත් රූම් එකේ කවුද මේ..."

"ආහ්.. හරි මන් පස්සෙ ගන්නම්...."

යශිර එහෙම කියලා  ෆෝන් එක කට් කරන්න හදද්දි සහස් හදිස්සියෙම කතා කරන්න ගත්තා..

" යශිර .... මේ ඔයා නේද...."

යශිරගෙ කටහස සහස් අදුරගෙන  කතා  කරද්දි යශිරට හිතුනා තවත් සහස්ගෙන් හැංගෙන්න ඕනි නෑ කියලා...

" යශ්...කතා කරනවකො.. මන් දන්නව ඔයා කියලා මේ..."

"කියන්න සහස්...."

"කොහෙද ලමයො ඉන්නෙ මෙහෙ මිනිස්සු හොදටම බය වෙලා අනික චලන අයිය කොයි තරම් නම් අවුලෙන්ද දන්නවද ඉන්නෙ... කොහෙද ඉන්නෙ ඔයා..."

"මන් කොලබ නෙවෙයි ඉන්නෙ සහස්..."

"එහෙනම්... කොහෙද ඉන්නෙ..."

"ම්ම්.. දුරක...මට ටිකක් පාඩුවෙ ඉන්න ඕනි බන් ඒකයි ආවෙ... බයවෙන්න එපා.කියන්න අයියට මන් පරිස්සමෙන් ..."

"ඇයි බන් මේ මොකද උනේ..."

" උබ දේ ඔයා දන්නවනෙ සහස්..."

"හරි ඒත් ඇයි උබ මෙහෙම කාටවත් නොකියා යන්න ගියෙ..."

"මට ටිකක් තනිවෙන්න ඕනි උනා බන්.. මට කල්පනා කරන්න ඕනි ..."

"ඉතින්...."

"සහස්..කෝ මට දෙන්න ෆෝන් එක..."

සහස්ගෙ කට හඩත් එක්කම කවීගෙ කට හඩ ඇහෙද්දි එයා කන් දීගෙන ඉදියෙ මොනා වෙනවද කියලා...

" කවී....

කෝ මට ෆෝන් එක දෙන්න බබා....
මන් ඔයාට විස්තර කියන්නම්.
කෝ හොද ලමය වගේ ෆෝන් එක දෙන්න..."

කවීගෙ කට හඩ ලයින් එකෙන් ඇහෙද්දි යශිර ඒකට කන් දීගෙනම ඉදියා..

ආයිමත් දවසක .Where stories live. Discover now