ටික වෙලාවක් කකුල් අතගගා ඉදලා මං මගේ කකුල් දෙක සීතලම සීතල දොල පාරට දාලා අත් දෙකත් ඔලුවට යටින් තියාගෙන ගල උඩ හාන්සි උනා.....

ඉර බැහැගෙන යනවා...... මල හිරු එළියට පරිසරයම තැඹිලි පාට වෙලා තියෙද්දී මගේ ඇස් ගිහින් නැවතුනේ කඳු මුදුනේ දිස්නේ ගහන රන් දෙවොල ලඟ.....

ඈතින් පෙනුන උසම කඳු මුදුනේ මහා ගාම්භීරව ඉදිවෙලා තියෙන රන් දෙවොල මල හිරු එළියට ඇස් කඩාගෙන යන තරමට දිස්නේ ගහනවා...

හැම උදෑසනකම..... ඇස් ඇරිය ගමන් මං මුලින්ම දකින ඒ දෙවොල.... හැම රාත්‍රියකම නින්දට කලින් දකින ඒ දෙවොල.... මගේ දවසේ ආරම්භය වගේම අවසානයත් උනේ ඒ රන් දෙවොල.....

හයක් හතරක් නොතේරෙන පුංචි කාලේ ඉදලාම මං හැම දවසක්ම පටන් ගත්තේ ලා ඉර එළියට දිලිසෙන ඒ රන් දෙවොල දිහා බලාගෙන තුන් වරක් කරන වන්දනාවත් එක්ක... හැම දවසක්ම ඉවර කලෙත් නින්දට කලින් හඳ එළියට දිලිසෙන රන් දෙවොලට කරන වන්දනාවත් එක්ක.....

මේ වසර දහ අට පුරාවටම හැම දවසකම නොවරදවාම ඒ දේ මං කලා... අසනීප වෙලා හිටියත් ඒ චාරිත්‍රය මං අනිවාරයෙන්ම කලා..... පුංචි කාලේ ඉදන් මට උගන්වන මගේ ගුරුතුමා වගේම මගේ අම්මා තාත්තාත් ඒ චාරිත්‍රය හරියටම කලා.......

මාව අයිති එතන්ටලු.... ඒ රන් දෙවොලටලු.... මුලු ගන්ගදීපයම ඒ දෙවොල අයිති මහා බලසම්පන්න දෙවියන්ට ණයගැතියිලු... අද මුලු අධිරාජ්‍යම මේ විදියට සාමෙන් සතුටින් සශ්‍රීකව තියෙන්න හේතුව ඒ දෙවියන්ලූ... මුලු රාජධානියම බේරුනේ මං නිසාලූ... ඉතින් අපේ මුලු රාජධානියේම වැසියන් මට ආදරේ කරනවා ගෞරව කරනවා....

ගන්ගදීපයේ රජතුමා... ධිරේන් අධිරාජ්‍යයා  වගේම පාර්වී අධිරාජිනිය කියන්නේ මගේ දෙමව්පියන්.... එතකොට ආරූල් දේව්දාස් කියන මං මේ අධිරාජ්‍යයේ ඔටුන්න හිමි කුමාරයා... ඒත්......... මාව මේ මාලිගයට අයිති නොවෙද්දී මාව අයිති උනේ ඒ රන් දෙවොලට....

පුංචි කාලේ ඉදන් මං පේ උනේ ඒ රන් දෙවොලේ ආලෝකයේ දෙවියන් උන අභීර් ආදිත්‍ය නම් උන දෙවියන් වෙනුවෙන්... ඒ මහා බලසම්පන්න දේවෝත්මයාණන්ට නමින් කතා කරන එක සියලු දෙනාටම අකැප වෙද්දී මට විතරක් ඒකට අවසර තිබුනා.....

දේව්දාස් || Where stories live. Discover now