ඉන්ටර්වල් එක ඉවර වෙන බෙල් එක ගැහුවත් පන්තියේ සේරම කොල්ලෝ මාව වටකරගෙන.. උන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ බූල් එක්ක අලුතෙන් ආපු සදෙව් දාගත්ත ප්‍රශ්නේ මොකක්ද කියන එක..මන් ඔලුව ඩෙස්ක් එකේ ඔබාගෙන ඉන්නකොට මට ඇහුනා ඕශි කෑගහගෙන එන සද්දේ... ඇති යන්තම්..
උන්ට කියලා හරි මුන් එලවන්න පුලුවන්.. කියලා හිතනකොටම ජබ්බා මගේ වටේ ඉදපු හැම එකාම තල්ලු කරන් උනේ මොකක්ද ඇහුවා.. උන් සේරම බූල් ඇවිල්ලා ඩෙස්ක් එකට ගහලා ගියපු එක කියුවා... උන් දන්නෑ අයිස්ක්‍රිම් ගෙනාපු බව.. මට දැන් තරහ උපරිමේටම ඇවිත් තියෙන්නේ.. මන් සදැස් එක්ක කතා කරා ෆිට් උනා කියලා.. ඇයි මූ මෙච්චර රඟන්නේ.. සමහරවිට ඒක උගේ හැටි වෙන්නැති... ඒත් ඇයි ඌ ඇයි ඌට කිසි වරදක් නොකරපු මට මෙහෙම කෑගහන්නේ.. මානසික ලෙඩක්වත් ද..
"පූ උබ ගනන් ගන්නෙපා.. මන් කථා කරලා බලන්නම් ඌ එක්ක.."
නල්ලේ මගේ පිටට තට්ටු කරලා කියුවා.. ඕශි මගේ ඔලුව මසාජ් කරනවා.. යුද්ධෙකට යන්න වගේ...
" ඒත් උබ උන් එක්ක ඇරියස් නේ බන්.. "
ජබ්බා නල්ලේට කියද්දි මන් ඔලුව ඉස්සුවා.. මුන් කේස් තියාගෙනද මේ ආයේ කතා කරන්න යන්නේ..
"මට අර උගේ නෑයා...ඩිම්පල් එකා එක්කනේ කේස් එක තිබ්බේ.."
"ඩිම්පල් එකා කියුවේ..?"
මන් නල්ලේ දිහා බලන් ඇහුවා.. කවුද බන් ඒ.. මුන් ජාත්‍යන්තරේට ගියපු වලි කාරයොද..
"ආහ් උන්ගේ ලොකු තාත්තගේ පුතා.. මූ එක්ක වලි.. මුගේ කෙකර හිනාවට දවසක් ඇදයක් කියලා.. මූ මල පැන්න පාර මල් පෝච්චියෙන් දමලා ඇරලා.."
මට කෙළ ගිලුනා.. සදෙව් කරේත් ඒවගේ වැඩ ද සමන්ත.. අනේ මන්දා.. උසට උසේ ඉන්න නල්ලේ වලි කාරයෙක් කියලා හිතුවෙ නෑනේ..හැබැයි හොඳ වැඩේ.. මාත් හිටපු ගමන් දැකලා තියෙනවා.. නල්ලෙගේ වීදුරු පිහිදානවා වගේ හිනාව.. හැබැයි ඌ වැඩි හරියක්ම කරේ ඔරවගෙන ඉන්න එක.. ඒ වගේ හිනා වුනේ හදිස්සියෙන්..
ඊලගට තිබ්බේ ෆිසික්ස්.. සර් කෙනෙක් ඉන්නේ.. හරියට වෙලාවට ඇවිත් උගන්නන්න පටන් ගන්නවා හරිය කුලප්පු උනු අස්වයෙක් වගේ.. මන් ඉතුරු පීරියඩ් හතර දත කාගෙන හිටියා.. ඔලුව කැක්කුම දරුණුවටම ඇවිත්... පැනඩෝල් එකක්වත් බොන්නැතුව හිටියේ ටිකකින් හරි යයි කිය කිය උනාට හොඳ වෙන පාටකුත් නෑ.. බෙල් එක ගහපු ගමන් මාත් ඉක්මන්ටම දුවලා ඇවිත් බස් එකේ එල්ලුනා..
KAMU SEDANG MEMBACA
The Owner of Moon 🌙 ( සඳේ අයිතිය සොයා🧚♂️) KookV🌟
Fiksi Penggemar'අයිතිය සඳට වූ.. නමුත් ඔහු එය වෙනස් කලේය...' ලොකූගේ රං ඩිංග වල් වැදිලතෝ මන්තා සමන්ත....🌚 🐰 : මොන රෙද්දක්ද මේක අඬන එක නවත්තපන් චූටී... !!! ගෙරි බූල්.. තොගේ බූල් මන් එකින් එක ගලවනවා !! හැම එකාම හැරිලා මගේ දිහා බලද්දි මන් ගිහින් හිටගත්තේ සදැස් පෙන්න...