පනස් හතරවන දිගහැරැම.

Start from the beginning
                                    

    ලොකු අප්පච්චිගෙ කටහඩ මහ සද්දෙන් කාමරේ ඇතුලෙ දෝංකාර දෙද්දී  ඒ වචන පිහිතුඩු වගේ මගෙ පපුවට දැනුන..... මොකද  ඒ වචන  වල කේන්තියකටත් වඩා තිබුනෙ අවිශ්වාසයක්......

" . ... .......තේමිය අංකල් මන් ගැන විශ්වාස කරල මෙහෙ ඉන්න දුන්න එක ඇත්ත. ... ඒත් මම කවදාවත් අංකල්ට වැරැද්දක් කරල නෑ..... මන් කවදාවත් උත්තරාට බලාපොරොත්තු දීල නෑ....... "

" උඹ......... "

"ලොකුඅප්පච්චී. . එපා........ අනේ.......ගහන්න එපා....එයාට ගහන්න එපා........"

එයාට ආයෙමත් ගහන්න ගිය ලොකුඅප්පච්චිගෙ අතේ මම එල්ලුනා වෙනකොට එයාට ගහන්න ගිය අත ඊලග තත්පරේම මට ඉස්සුනා වගේම කම්මුලට වැදුන පාරට මම අඩියක් පස්සට විසි උනා. ...... මම දනි ගහගත්ත. ..... හරියන වැරැද්දක් කරල අහුවුන පොඩි එකෙක් වගේම........ අත් දෙකම එකට කරගත්ත මම දනිගහගෙනම එයාට ගහන්න එපා කියල යැද්ද........

..."  ගහන්න එපා... නොගහ ඉන්න පුලුවන් ද කියපල්ල උඹල දෙන්න මේ  කරන දේවල් වලට .. අයාන්   ....උඹ.........මූනම් පිටඑකා .... ඒත් උඹ  මන් හිතුවෙ නෑ උඹ මගෙ විශ්වාසය බිදල දායි කියල ... අයාන්. ........ උඹ කොහොමද  අම්ම අප්ප ගැන නොහිතා මේතරම්  ආත්මාර්ථකාමී උනේ .....උඹල දෙන්නම පිරිමි පිරිමි. .....  ."

..." ඌයි මායි දෙන්නම කොල්ලො උන එක අපෙ වැරැද්දක් ද ලොකු අප්පච්චි. ...ආදරේ කියන්නෙ ආදරේට නෙමෙයි ද.....පිරිමි පිරිමි කෙරැවොත් ඒක ආදරයක් නෙමෙයිද..... උන්ට තියෙන්නෙත් හිතක් නෙවෙයිද ..... මට කියන්න  ..   ..... ..... ..... මන් ඌට ආදරේ කරන්න ගත්තෙ උත්තරාව අප්පච්චි අංකලුයි එකතු වෙලා මට තීන්දු කරන්නත් කලින් .... ඒ උනත් මගේ මොන කාලකණ්ණිකමකටද මන්ද මට බැරි වුනා. ... මට බැරි උනා ඌට හැමදේම නැතිවෙලා තනියම දරාගන්න උනු වෙලාවෙ මගේකගෙ ලගින් ඉන්න. ....... ....දන්නවද..... දැන් ඔය ආත්මාර්ථකාමී කියපු ඒ මනුස්සයාම තමයි මටම මතකෙ ඇවිත් එයා කව්ද කියල හරියටම හොයාගන්නකන් උත්තරාට මාව අයිති වෙන්න දීල බලන් උන්නෙ...... ඇත්ත දැන දැනත් ඌ මගෙන් ඒ හැමදේම හැංගුවෙ ඇයි කියන්න ලොකුඅප්පච්චි  දන්නවද. .....  ..... උගෙ අක්කගෙ ආදරේ උදුර ගන්න බැරි නිසා ........ මම සතුටින් ඉන්නව ඌට දකින්න ඕන නිසා. .......  මෙතන  ඔයාවත් නොදන්න හුගක් දේවල් ඌ මේ පවුල වෙනුවෙන් දැනටමත්  කැප කරල තියෙනවා .......
..... එහෙව් කරපු   මගෙ කොල්ලට ආත්මාර්ථකාමී කියන  උඹටත් පව් පිරෙයි ලොකු අප්පච්චි. ...  ......."

The white  lotus   ( Complete )Where stories live. Discover now