ගොළු හදවත 01

Start from the beginning
                                    

"ආ අරන් වරෙන් බන්.."
සීවලී මැණිකා කොස් පලුව ඉනට තද කරගෙන යායට වැවිච්චි නිල් ගැහිච්ච කුඹුර දිහාද බල බල අඩිය තියන්නට ගත්තාය...
වෙල්යායෙන් එන වී වල සුවඳ නාස් පුඩු ඔස්සේ මුළු ගතටම ගෙන යද්දි සීවලී මැණිකා දෑස් පියාගෙන සුසුමක් පා කළාය..
"අනේ දළදා හාන්දුරු⁣වනේ! ඉක්මනටම සුවඳැල් හාලේ බතක් ගමේ හැමෝටම කන්ට ලැබෙන්ට ඕන.."සීවලී මැණිකා කුඹුර දෙස බලා හිඳ යළිත් ගමන අරඹන්නට විය..

"සියදෝරිස් මාමේ!,සියදෝරිස් මාමේ!"සීවලී මැණිකා කෑ ගැවේ එකඳු මනුස්ස ප්‍රාණියෙක්වත් ඇහැට පෙනෙන්නට නොසිටි බැවිනි...
"මොකෑ බන් බෙරිහන් දෙන්නේ.."සියදෝරිස්ලගේ මායියා වුණ කරුණා,⁣⁣සීවලී මැණිකා දුටු තැන ඇය වෙත අඩිය තිව්වාය...

"ආ,බන් සීවලියේ..මොකෑ උබ මෙහෙ ගාටන්ට කාරනේ..මොකෝ උබලයේ අම්මණ්ඩිට තවත් මිනිහෙක් උවමනා වෙලාද.."

එය මිනිසුන්ගේ කට වචනයයි..ඉපදුණු දා සිට මේ දක්වා ඇය තම මවට මෙවැනි වදනින් දමා ගසනා ඕනෑ තරන් මනුෂ්‍යයින් දැක ඇත..
"ඒ පරට්ටිට කොහේ ගියත් මිනිහෙක් නෙවැ.,උබත් මොන මිනිහගේ අංශුවත් ද දන්නේ යෑ ඒකිවත්.."කම්මුලේ අත ගසාගත්,කරුණා රං මැණිකාට ⁣පද හදමින් රසකර දෙහි කපන්න විය..
"උබලවවත් දෙයියෝ බලාගන්ට ඕන.."සීවලී මැණිකාගේ කොපුලක් අත ගෑ ඇය,ඇය අතේ තිබූ කොස් පලුව ගත්තාය..

"ම්!,රස පාටයි..මොනවා නැතත් උබ⁣ලයේ ගහේ කොස් රසයි,..ඒකනේ වවුල්ලු උනත්
ඒ ගහටම ඇදෙන්නේ..."

කොස් පලුවේ පුසුඹ නාස් පුඩු තුළට රිංගුවාගත් ඇය රං මැණිකාට ආයේ ආයෙත් ඇනුම් පද කියන්නට විය...
"උබලයේ!"
"නැන්දේ පලා මල්ලක් තියේනම් දෙන්නකෝ,නැත්නම් මම යන්නම්.."
සීවලී මැණිකා දරදඬු වුණ දෑත් මතින්ම දත් මිටි කමින් කියන්නට විය...
"හරි හරි බන්!,තකහනියක් නැහැනේ ඉදහන්.."කරුණා කටවසාගෙන පැල් කොටේට ගොස් පලාමල්ලක් ගෙන සීවලී මැණිකාට දීය..

"සීවලියේ!,"සීවලී මැණිකා කරුණාට තමාට වලංගු වුණ සිතැඟි මතින් කරුණාට දෙහි කපන ගමන් වැටෙන් මෙහාට අඩිය තියන්නටත් පෙර දිව ආවේ කරුණාය..
"මොකෑ නැන්දේ!"
"ආං අර කඩප්පුලි හරකා ඔය යන එන අතරේ හිටියොත් මේන් මේක දීලා පලයන්..."කරුණා ඇය අතට බුලත් කොළ හතරක් පහක් දෑතට ගුලි කිරීය..
"සියදෝ⁣රිස් මාමද.."
"නැතුව,නැතුව වෙන මිනිස්සු ඉන්නවයැ මට..උබලයි!"
"මං යන්නම් නැන්දේ!"සීවලී මැණිකා තවත් එතැන නොසිට වැටෙන් පැන යන්නට විය..
"මේකිත් මහ ඒකිටම හරියනවා..,ඕං සීවලියේ උබටත් ඔය සෙතේ වදින්න කලින් දීග පලයන්.."කරුණා කෑගැසුවේ සීවලි මැණිකා අත මට මොලවගද්දිමය..

THE DUMB HEARTWhere stories live. Discover now